නවතම පුවත්

ශ්‍රී ලංකාවේ පැතිරෙන්නේ බ්‍රිතාන්‍යයේ කොවිඩ් ප්‍රභේදයයි

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

මෙරට මේ වනවිට  පැතිර යන Covid-19 වෛරස ප්‍රභේදය බ්‍රිතාන්‍යයේ පැතිර යන B .1.1.7 යන  වෛරස ප්‍රභේදය බව තහවුරු වී ඇතැයි, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව සහ ශෛල ජෛව විද්‍යාතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර මහතා අනාවරණය කර සිටී .

අද (28) උදෑසන ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කළේ, දැනට ශ්‍රී ලංකාව තුළ පැතිරෙමින් යන වෛරස ප්‍ර‌භේදය බ්‍රිතාන්‍යයෙන් හඳුනා ගැනුණු B 117 කොරෝනා වෛරස් ප්‍රභේදයට 100% සමාන බවය

මෙම බ්‍රිතාන්‍යය කොවිඩ් ප්‍රභේදය ආසාදනය වූ පළමු ආසාදිතයා ඉකුත් අප්‍රේල් මස 08 වෙනිදා බොරලැස්ගමුව ප්‍රදේශයේ පිහිටි වැඩ බිමකින් හඳුනා ගැනුණු බවද ඔහු මෙහිදී  සඳහන් කර සිටියේය

කොළඹ, කුරුණෑගල සහ බොරලැස්ගමුව ප්‍ර දේශවලින් ලබා ගත් සාම්පල 43ක නියැදියක් මෙම අධ්‍යනය සඳහා යොදා ගෙන තිබේ.

බ්‍රිතාන්‍යයේ කෙන්ට් ප්‍රාන්තයෙන් පළමුවරට හඳුනා ගැනුණු B.1.1.7. කොවිඩ් ප්‍රභේදය සාමාන්‍ය සාර්ස් කොවිඩ් වෛරසයට සාපේක්ෂව ව්‍යාප්ත වීමේ වේගය සීයයට 55කින් වේගවත් වේ .

මෙම වෛරස ප්‍රභේදයෙන් වැඩි වශයෙන් බලපෑම් එල්ල කරනු ලබන්නේ තරුණ පිරිස් වලටය

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්