ශ්‍රී ලංකාවේ මේ වන විට 10000ක් ස්වයං නිරෝධානයේ

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ශ්‍රී ලංකාවේ මේ වන විට 10000ක් ස්වයං නිරෝධානය ක්‍රියාවලියට අනුගත කර ඇති බව කොවිඩ් පැතිරීම වැළැක්වීමේ කාර්ය සාධක බළකාය නිවේදනය කරයි.

මෙම පිරිස සෙෘඛ්‍ය අංශ, යුධ හමුදාව, බුද්ධි අංශ, පොලීසිය හා මහජන සෞඛ්‍ය පරීක්ෂකයින් විසින් හඳුනාගෙන ස්වයං නිරෝධායන ක්‍රියාවලියට අනුගත කර තිබේ.

එසේම මේ වන විට ශ්‍රී ලංකාවේ නිරෝධායන මධ්‍යස්ථාන 22ක් තුළ නිරෝධායනයට ලක්වන පුද්ගලයින් 3063ක් සිටින බවත් එයින් 31ක් විදේශිකයෝ බවත් එම කාර්ය සාධක බළකාය සඳහන් කරයි.

ශ්‍රී ලංකාවේ හමුවූ රෝගීන් 77 දෙනාගෙන් 69ක් IDH රෝහලෙත් ඉතිරි රෝගීන් අනුරාධපුර හා වැලිකන්ද  රෝහලෙත් ප්‍රතිකාර ලබන බව එම කාර්ය සාධක බළකාය වැඩිදුරටත් පවසයි.