නවතම පුවත්

ශ්‍රී ලංකාවේ විදෙස් සංචිත ගැන හෙළිදරව්වක් !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

නොවැම්බර් මාසය වනවිට ශ්‍රී ලංකාවේ විදේශ සංචිත ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් මිලියන 1587ක් බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා අද (09) පාර්ලිමේන්තුවේදී පැවසුවේය.

ස්ථාවර නියෝග යටතේ විමසා තිබූ පැනයකට පිළිතුරු  දෙමින්  රාජ්‍ය අමාත්‍යවරයා  එහිදී මෙසේද පැවසීය

ඒ අනුව ”කොවිඩ් 19 වසංගත හින්දා ගෝලීය ආර්ථික අර්බුදය තුළ ඇති වුණ බලපෑමට අමතරව අපේ රටේ විවිධ රජයන් විසින් ආර්ථික කළමනාකරණය කරද්දී කොහොමද ඇති වෙච්ච බලපෑම කියන කාරණාව. ඒ අනුව ගරු කථානායකතුමනි නොවැම්බර් මාසය වෙද්දී මෙන්න මෙහෙම තමයි අපේ සංචිත ප්‍රමාණය තියෙන්නේ. නිල සංචිත සහ වත්කම් ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 1587යි. විදේශ විනිමය සංචිත ඇමරිකානු ඩොලර් මිලියන 1009.5,ජාත්‍යනතර මූල්‍ය අරමුදලේ සංචිත ඇමරිකානු ඩොලර් මිලියන 67යි. විශේෂ ගැනුම් හිමිකම් ඇමරිකානු ඩොලර් මිලියන 127.2යි,රත්රන් ඇමරිකානු ඩොලර් මිලියන 382.2යි.අනෙකුත් සංචිත ඩොලර් මිලියන 1.1යි.එකතුව 1587යි.”

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්