නවතම පුවත්

ශ්‍රීලනිපයට අලුත් මුහුණු එක්වේ !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

රටේ දේශපාලනයෙහි නියුතු අය අතරින් අවංක, දූෂණයෙන් තොර, වංචා නොකරන, රටට ආදරය කරන පිරිස්වල පුළුල් ශක්තිමත් බලවේගයක් සකස් කරගෙන, ඒ තුළින් රටේ අනාගතය සඳහා ක්‍රියා කළයුතු අවස්ථාවක් එළඹ ඇති බව හිටපු ජනාධිපති, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ඊයේ (08) බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු අමාත්‍යවරයා මෙසේද පැවසීය .

“ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ වනවිට ඉතාමත්ම කාර්යක්ෂමව සහ වේගවත්ව මේ දිනවල පක්ෂයේ සංවිධාන කටයුතු දිවයින පුරා කරගෙන යන වෙලාවක්. අපි අලුත් සංවිධායකවරුන් පත් කරලා, අලුත් මුහුණු රාශියක් සංවිධායකවරුන් වශයෙන් පත්වීම් ලබාදීලා මේ වසරේ අපි මේ වනවිට ආරම්භ කරලා තිබෙන වැඩපිළිවෙල අපි බලාපොරොත්තු වෙනවා ඉදිරි මාස හයක වගේ කාලය තුළ ලංකාවේ ප්‍රබලතම දේශපාලන පක්ෂයක් විදියට ශ්‍රීලනිපය ගොඩනඟන්න.

ඒ වගේම රටේ තිබෙන ප්‍රශ්න වලදී ආර්ථික අර්බුදය වෙන්න පුළුවන්, වෙනත් ඔබ සඳහන් කළා වගේම පොහොරද, ගෑස්ද, බඩුමිලද, ආහාරද මේ කියන සියලුම ප්‍රශ්න ගත්විට මම හිතන්නෙ අද අපි කිසිම කෙනෙක් ඇඟ බේරාගන්නෙ නැතුව, එකිනෙකාට ඇඟිල්ල දික්කරන්නෙ නැතුව රටේ දුක් විඳින මිනිස්සු වෙනුවෙන් අපේ වගකීම් සහ යුතුකම් ඉටු කළයුතු වෙනවා. ඒක නිසා මම බොහොම පැහැදිලිව කියන්නට ඕනෙ, මේ රටේ දේශපාලනය කරන අය බොහෝ පිරිස් ඉන්නවා, ඒ අය අතරින් අවංක, දූෂණයෙන් තොර, වංචා නොකරන, රටට ආදරය කරන පිරිස්වල පුළුල් ශක්තිමත් බලවේගයක් සකස් කරගෙන, ඒ තුළින් අපි රටේ අනාගතය සඳහා විශේෂයෙන්ම ක්‍රියා කළයුතු අවස්ථාවක් විදියටයි මම මේක දකින්නෙ”

 

RN

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්