නවතම පුවත්

ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට තවත් කළු පැල්ලමක් !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ශ්‍රී ලංකාවට පැමිණි ජර්මනියට අයත් ගුවන් යානයකට මෙරට ගුවන්තොටුපළ බලධාරීන්ගේ නොසැලකිල්ලෙන් සිදුවූ අපහසුතාවක් පිළිබඳව මේ වනවිට ජාත්‍යන්තර මාධ්‍ය තුලද තොරතුරු වාර්තා පලවෙමින් ඇත .

ගුවන් කලාපයේ පැවැති දැඩි අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් ජර්මනියේ සිට මාලදිවයිනට මගීන් 226 දෙනෙකු සමඟ පැමිණි ගුවන් යානයක් ඉකුත් සැප්තැම්බර් 26 වනදා කටුනායක ගුවන් තොටුපළට හදිසියේ ගොඩබස්වා තිබෙ. .

මාලදිවයින ගුවන් කළාපය යහපත් වූ බැවින් පස්වරු 01 ට ගුවන් යානය මෙරටින් පිටත්ව යාමට සූදානම්ව ඇත්තේ නිෂ්චිත ගාස්තු ද ගෙවීමට සූදානම් වෙමින්ය .

වසර 20 කට ආසන්න කාලයක් “කොන්ඩෝර් එයාර්” නම් වූ මෙම ගුවන් සමාගම මෙරට ගුවන් මෙහෙයුම් සිදුකර නොතිබූ බැවින් ඔවුන්ට දේශීය නියෝජිතයෙකු සිට නොමැති බවටයි වාර්තාවේ . එබැවින් ඊට මැදිහත්වී ඇත්තේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ කාර්ය මණ්ඩල සාමාජිකයෙක්.

ඔහුගේද මැදිහත්වීමෙන් අදාළ නියමිත ගාස්තු ගෙවීමට ජර්මන් ගුවන් සමාගම සූදානම් වුවද කටුනායක ගුවන් තොටුපළේ කාර්්‍යභාර කළමනාකරුගේ කාර්යාලයේ ඇති ක්‍රෙඩිට් කාර්ඩ් යන්ත්‍රය අක්‍රියවීම හේතුවෙන් ඔවුන්ට අදාළ ගෙවීමි සිදුකිරීමට නොහැකිවී ඇති බවයි වාර්තා වන්නේ. පසුව අදාළ ගුවන් සමාගමේ නිලධාරීන් තවත් ස්ථානයකට ගියද එහි ඇති ක්‍රෙඩිට් කාර්ඩ් යන්ත්‍රයද අක්‍රිය වී ඇතැයි ප්‍රකාශ වී තිබෙ

අවසානයේ ක්‍රෙඩිට් කාර්ඩ් යන්ත්‍රයක් සක්‍රියව ඇති ස්ථානයක් සොයාගෙන අදාළ ගෙවීමි සිදුකරන විට පස්වරු 02.15 පමණ වී තිබූ අතර ගෙවීම් සිදුකිරීමට අමතර පැයකටත් වඩා වැඩි කාලයක් ගුවන් තොටුපළ තුළ ගත කිරීමට ජර්මානු ගුවන් සමාගමේ නිලධාරීන්ට සිදුව ඇත. ඒ, යුරෝපීය සංචාරකයින් 226 දෙනෙකු හා ළමුන් දෙදෙනෙකු තමන්ගේ සංචාරය වෙනුවෙන් ගුවන් යානය තුළ බලා සිටියදීය

ගාස්තු ගෙවා පිටව යාමට සූදානම් වන අවස්ථාවේ මෙරට ගුවන් තොටුපළ බලධාරීන් ප්‍රමාද ගාස්තු යැයි පවසා තවත් ඩොලර් 48 ක් ගෙවන ලෙස දැනුම්දී ඇති බවට ද වාර්තා වේ . මේ සිද්ධියෙන් ද දැඩි කනස්සල්ලට පත් මෙම ගුවන් යානයේ කාර්ය මණ්ඩලය පසුව සිය මගීන් වෙත නිවේදනය කර ඇත්තේ “ශ්‍රී ලංකා රජය අමෙරිකානු ඩොලර් 48 ක මුදලකට අපව රදවාගෙන සිටි” බවය.

කොවිඩ් ව්‍යාප්තියෙන් පසු මෙරට සංචාරක කර්මාන්තය යළි ආරම්භ කිරීමට ශ්‍රී ලංකාව සූදානම්වන පසුබිමක වාර්තා වන මෙම සිද්ධිය මෙරට සංචාරක ව්‍යාපාරයටද බලපෑමක් එල්ලකරනු ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කර ඇත

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි