නවතම පුවත්

ශ්‍රී ලංකාවේ සාගින්දර වැඩිවේ !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

2021 ගෝලීය සාගිනි දර්ශකයේ (2021 Global Hunger Index )  65 වන ස්ථානයට ශ්‍රී ලංකාව පත්ව තිබේ.

වාර්ෂිකව නිකුත් කෙරෙන එම දර්ශකය සඳහා මෙවර ලොව පුරා රටවල් 116ක් ඇතුළත් කර ඇත. මෙහිදී ලොව ධනවත්ම හා සංවර්ධිත රටවල් රැසක් මෙම දර්ශකයට ඇතුලත් කර නොමැති අතර , පසුගිය කාලය තුල යම් යම් ආර්ථික  අර්බුදයන්ට මුහුණ දුන් රටවල් 116 ක් මෙම දර්ශකයට ඇතුලත්ව ඇත .

මන්දපෝෂණය, ළමා මරණ, ළමුන්ගේ උසට සරිලන අඩු බර යනාදී කරුණු සැලකිල්ලට ගනිමින් සකස් කෙරෙන දර්ශකයේ අඩුම ලකුණු ප්‍රමාණයක් ලබාගන්නා රටවල් සාගිනි අඩුම රටවල් අතරට අයත් වේ.

ඒ අනුව මෙවර ලකුණු 16ක් ලබාගෙන ඇති ශ්‍රී ලංකාව මධ්‍යස්ථ මට්ටමක පසුවන බව එම දර්ශකයෙන් පෙන්වා දී ඇත.

චීනය, බෙලරුසියාව ,, කියුබාව, තුර්කිය ඇතුළු රටවල් 18ක්, 5ට අඩු ලකුණු සංඛ්‍යාවක් ලබාගනිමින් මෙවර දර්ශකයේ සාගිනි අඩුම රටවල් අතර ඉහලම  ස්ථානයන්ට  පත්ව තිබේ.

ශ්‍රී ලංකාවට සාපේක්ෂව දකුණු ආසියාවේ සෙසු රටවල් සාගිනි දර්ශකයේ ඉහළ ස්ථානවල පසුවන අතර අසල්වැසි ඉන්දියාව අවදානම් මට්ටමේ පවතින රටවල් අතරට අයත්ව ඇත්තේ මෙවර 101 වන ස්ථානයට පත්වෙමිනි.

මියන්මාරය 71 වන ස්ථානයට, නේපාලය හා බංග්ලාදේශය 76 වන ස්ථානයට සහ පාකිස්ථානය 92 වන ස්ථානයට පත්ව තිබේ.

ලෝකයේ සාගින්දර වැඩිම රට ලෙස 116 වන ස්ථානයට පත්ව ඇත්තේ සොමාලියාවයි .

කෙසේ වෙතත් 2020 ගෝලීය සාගිනි දර්ශකයේ ශ්‍රී ලංකාවට හිමිව තිබුණේ 64 වන ස්ථානයයි. ඒ අනුව මෙම වසර තුල මෙරට සාගින්දර වැඩිවී ඇති බව පෙනෙන්නට ඇත

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්