නවතම පුවත්

ශ්‍රී ලංකාවේ සමාජ ආර්ථික සංවර්ධනයට “ජයිකා” සහාය!

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ශ්‍රී ලංකාවේ සමාජ ආර්ථික සංවර්ධන අවශ්‍යතා වෙනුවෙන් සිය සහාය දෙන බව ජපාන අන්තර්ජාතික සහයෝගිතා ආයතනයේ (JICA) දකුණු ආසියානු කලාපීය අධ්‍යක්ෂ ජනරාල් සකමොතො තකෙමා මහතා (Sakamoto Takema) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා  සමග පවසයි.

සකමොතො තකෙමා මහතා අද (16) පෙරවරුවේ ජනාධිපති මන්දිරයේ දී ජනාධිපතිවරයා  හමු වූ අවස්ථාවේ මේ බව පැවසීය.

නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයාව සිටියදී තමන්ට “ජයිකා” ආයතනය සමග එක්ව සංවර්ධන ව්‍යාපෘති රැසක් සාර්ථකව ක්‍රියාවට නැංවීමට හැකි වූ බව ජනාධිපතිවරයා  සිහිපත් කළේය.

1965 වසරේ සිට සංවර්ධන ව්‍යාපෘති 120ක් සඳහා ජපාන අන්තර්ජාතික සහයෝගිතා ආයතනය දායකත්වය ලබාදී තිබේ. ණය පැකේජ, ව්‍යාපෘති ප්‍රදාන, ව්‍යාපෘති නොවන ප්‍රදාන ඇතුළු විවිධ ණය යෝජනා ක්‍රම යටතේ ඊට ලබාදී ඇති මුදල ඇමරිකානු ඩොලර් මිලියන 8829කි.

වර්තමානයේ “ජයිකා” ආධාර යටතේ සංවර්ධන ව්‍යාපෘති 14ක් දිවයින පුරා ක්‍රියාත්මක වේ. බලශක්ති, ජල සැපයුම් හා ජලාපවහන, වරාය, ප්‍රවාහන, සෞඛ්‍ය, විදුලි සංදේශ සහ ග්‍රාමීය සංවර්ධන අවශ්‍යතා වෙනුවෙන් වූ මෙම සංවර්ධන ව්‍යාපෘති වෙනුවෙන් ලබාදී ඇති සහනදායී ණය මුදල ඇමරිකානු ඩොලර් මිලියන 2500කි.

මේ වන විට ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගතිය පැහැදිලි කළ ජනාධිපතිවරයා  කෘෂිකර්ම, නිපුණතා සංවර්ධන, සෞඛ්‍ය, වාරිමාර්ග යන ක්ෂේත්‍ර වෙනුවෙන් ඉදිරි වසර සඳහා “ජයිකා” සහාය අපේක්ෂා කරන බව පැවසීය.

ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, ශ්‍රී ලංකාවේ ජපාන තානාපති හිඩෙකි මිෂුකොෂි
(Hideaki Mizukoshi), ජපාන අන්තර්ජාතික සහයෝගිතා ආයතනයේ මෙරට නියෝජිත යමදා තෙත්සුයා (Yamada Tetsuya) යන මහත්වරු මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්