නවතම පුවත්

ශ්‍රී ලංකාවේ 7 වැනි විධායක ජනපති ගෝඨාභය රාජපක්ෂයි – මැකො නිල වශයෙන් නිවේදනය කරයි

අසංක

අසංක

2019 ජනාධිපතිවරණයෙන් අඩකට වැඩි ඡන්ද සංඛ්‍යාවක් ලබාගනිමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගෝඨාභය රාජපක්ෂ මහතා අතිවිශිෂ්ට ලෙස ජයග්‍රහණය කළ බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා නිල වශයෙන් නිවේදනය කරයි.

අවසන් ඡන්ද ප්‍රතිඵලවලට අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගෝඨාභය රාජපක්ෂ මහතා ඡන්ද හැටනවලක්ෂ හැටහතරදහස් දෙසීයතිස් නවයක් ලබාගනිමින් ජනාධිපතිවරණය ජයග්‍රහණය කළ බවට නිවේදනය කරයි.

මෙවර ඡන්දය භාවිත කළ ප්‍රතිශතය 83.72%ක් බව සභාපතිවරයා කියාසිටියි.

දෙවැනි වැඩිම ඡන්ද සංඛ්‍යාව ලබගනිමින් සජිත් ප්‍රේමදාස මහතා ඡන්ද 5564239ක් හිමිකරගෙන ඇත.

මේ බව ප්‍රකාශ කරනුයේ මේවනවිට පැවැත්වෙන විශේෂ හමුවේදීය.

මෙම අවස්ථාවට සියලුම ජනපති අපේක්ෂකයන් ද මැතිවරණ කාර්‍යාලයට පැමිණ සිටිති.

“මෙරට ජනාධිපතිවරණ ඉතිහාසයේ පළමු වතාවට හිටපු ජනාධිපතිවරයා නිර්පාක්ෂිකව හිටියා මෙවර. මෙම ඡන්ද විමසීම නිදහස් හා සාමකාමී ලෙස පැවැත්වුණේ හැමෝම ඒ වෙනුවෙන් කළ කැපවීම නිසයි. ඡන්ද හිමි පුරවැසියන්ට අපගේ ගෞරවනීය ස්තූතිය පුදකරමි.

අපේක්ෂකයන් විසින් පොලිතින් ප්ලාස්ටික්වලින් තොර ජනාධිපතිවරණ ව්‍යාපාරයකට සහය දැක්වීම සතුටක්. පෞද්ගලික හා රාජ්‍ය මාධ්‍ය කිහිපයක් පාලනය කළ නොහැකි වීමෙන් අප පැති කිහිපයකින් අසාර්ථක වීමු. අප සතුව ඒවට එරෙහිව පියවර ගැනීමට ප්‍රමාණවත් බලයක් නොතිබුණි.

රජයේ මාධ්‍යවල නීතිවිරෝධීව කටයුතු කළ නිලධාරීන්ට එරෙහිව කොමිසම නීතිමය කටයුතු කරනු ඇත. එසේ වුවත් පෞද්ගලික මාධ්‍ය පාලනයට එක්කෝ කොමිසමට කටයුතු කළ හැකි විය යුතුය. නැත්නම් ඔවුන් එක් පක්ෂයකට පක්ෂග්‍රාහීව කටයුතු කරන බවට ප්‍රකාශ කළ යුතුය. නැතහොත් පෞද්ගලික මාධ්‍ය හිමිකරුවන් ඉදිරියේ දී මන්ත්‍රීවරුන් පත්කරගනු ඇත.

මෙවර ජනාධිපතිවරණයේදී පූජ්‍ය පූජක ආදීන්ගේ දේශපාලනමය මැදිහත්වීම විශාල ලෙස දක්නට ලැබුණා.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා