ශ්‍රී ලංකාව ආරථිකව තවමත් දිළිදු රටක් – ජනාධිපති

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ශ්‍රී ලංකාව ආරථිකව තවමත් දිළිදු රටක් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. මෙම තත්ත්වය වෙනස් කරමින් ශ්‍රී ලංකාව ඉහළ අදායම් ලබන රටක් බවට පත්කිරීමට ලෝක බැංකුව සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල වැනි ආයතනය සහය ඉල්ලා සිටින බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසුවේ. 

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා  මෙම අදහස් පල කළේ අද ආරම්භ වු ශ්‍රී ලංකා විශ්ව විද්‍යාල ක්‍රිඩා උළෙලේ සමාරම්භක උත්සවය අමතමින්. රුහුණු විශ්ව විද්‍යාලයිය ක්‍රීඩාංගණයේදී මෙම ක්‍රිඩා උළෙල පැවැත්වෙනවා.

රටේ පාලකයන්ට දරුවන්ගේ අනාගතය සහ අධ්‍යාපනය පිළිබඳ නිවැරදි දැක්මක්ද තිබිය යුතු බවයි ජනාධිපතිවරයා මෙහදි පෙන්වා දුන්නේ. තමන් ඒ වෙනුවෙන් කැපවන බවද ජනාධිපතිවරයා පැවසුවා.