නවතම පුවත්

ශ්‍රී ලංකාව ඇතුළු රටවලට කොවිඩ් එන්නත දෙන හැටි අමෙරිකාව කියයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ප්‍රබෝධා හෙට්ටිආරච්චි

ශ්‍රී ලංකාව ඇතුළුව ජාත්‍යන්තර වශයෙන් කොවිඩ් -19 එන්නත බෙදා ගැනීමේ සැලැස්ම අමෙරිකාව නිවේදනය කර තිබේ.

අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩෙන් පවසන්නේ නෛතික හා නියාමන අනුමත කිරීම් මත පදනම්ව ගෝලීය වශයෙන් එන්නත් මාත්‍රා මිලියන 80ක් ලබාදීමට සැලසුම් කර ඇති බවයි.

මෙම එන්නත් වලින් 75% ක් COVAX හරහා බෙදා දීමට අපේක්ෂා කෙරේ. ඒ අනුව COVAX හරහා මිලියන 19 කට ආසන්න එන්නත් ප්‍රමාණයක් බෙදා දෙනු ඇත.

ක්ෂණික අවශ්‍යතා පවතින රටවල් සදහා ඉතිරි 25% බෙදාදීමට නියමිතය.

පළමු එන්නත් මිලියන 25 ක් යැවීම පිළිබද සැලැස්ම ජනාධිපතිවරයා නිවේදනය කළේය.

ආසියානු රටවල් සඳහා දළ වශයෙන් මාත්‍රා මිලියන 7 ක් පමණ ඇතුළත් වේ.

ඉන්දියාව, නේපාලය, බංග්ලාදේශය, පකිස්ථානය, ශ්‍රී ලංකාව, ඇෆ්ගනිස්ථානය, මාලදිවයින, මැලේසියාව, පිලිපීනය, වියට්නාමය, ඉන්දුනීසියාව, තායිලන්තය, ලාඕසය, පැපුවා නිව්ගිනියාව, තායිවානය සහ පැසිෆික් දූපත් සඳහා එම මාත්‍රාවන් ලබාදෙනු ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්