නවතම පුවත්

කොවිඩ් එන්නත් විකුණන ජාත්‍යන්තර කළු කඩ පොළක්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පැතුම් වික්‍රමරත්න

කොරෝනා එන්නත් සඳහා අද ලෝකය පුරා කළු කඩ වෙළඳ පොළක් නිර්මාණය වී  ඇති බවත් ශ්‍රී ලංකාවද ඉන් ප්‍රවේශම් විය යුතු බවත්  ඖෂධ නිෂ්පාදන සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කර සිටී.

ඒ අනුව විදේශ රටවලින් මෙරටට කොරෝනා එන්නත් ගෙන්වීමට අතරමැදියන් සේ ඉදිරිපත් වුණු මෙරට ඇතැම් පෞද්ගලික අංශයේ සමාගම්  තුනීලෑලි ගෙන්වන ,කන්ටේනර් බිස්නස් කරන සහ නැව් භාණ්ඩ ප්‍රවාහන කරන ඒවා බවට තොරතුරු හෙළිවී ඇතැයිද ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවැසීය.

අස්ට්‍රාසෙනිකා එන්නත් ඩුබායි ,අබුඩාබි සාජා ,කැනඩාව ,ප්‍රංශය හා ඕස්ට්‍රේලියාව යනාදි රටවල පෞද්ගලික සමාගම් සතුවද පවතින බවත් එම සමාගම්වලින් එන්නත් ගෙන්වීමට මෙරට පෞද්ගලික සමාගම් ගණනාවක් අතරමැදියන් ලෙස සම්බන්ධ වීමට කැමැත්ත පළ කළ බවත් ඔහු කීය.

ගෙන්වන එන්නත් මවු සමාගමේ ඒවාදැයි තහවුරු කර ගැනීමට අදාළ ලියකියවිලි ඉදිරිපත් කරන්නැයි දැනුම් දුන් අවස්ථාවේ දී ඇතැම් සමාගම් ඉන් එහාට කටයුතු නොකළ බවද චන්න ජයසුමන මහතා අනාවරණය කළේය.

එන්නත් ගෙන්වීමේදී ඒවා නිවැරදි ඒවාදැයි තහවුරු කරගැනීම රජයක වගකීම බව ඔහු වැඩිදුරටත් කීය

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්