එන්නත්කරණ වැඩසටහනේ ප්‍රගතිය අනුව දකුණු හා අග්නිදිග ආසියානු රටවල් අතරින් ශ්‍රී ලංකාව තුන්වන ස්ථානයේ පසු වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කල නවතම වාර්තාවක දැක්වේ .
කෙසේ වෙතත් සමාජ ඒකරාශීවීම් වළක්වන්නට ශ්‍රී ලංකාව සාධනීය පියවර ගෙන තිබුණද මෙරට ජනතාව නිවෙස්වල රැඳීසිටීමේ ප්‍රතිශතය සාපේක්ෂව අඩු අගයක් ගන්නා බව එම වාර්තාවේ දැක්වේ .
ශ්‍රී ලංකාවේ පුරවැසියන් නිවෙස් තුළ රැඳීසිටීමේ ප්‍රතිශතය සියයට 60ක් වැනි සාපේක්ෂ අඩු අගයක පවතින බව එම වාර්තාවේ දැක්වේ .
දකුණු සහ අග්නිදිග ආසියානු රටවල කොවිඩ් ව්‍යාප්තිය සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය සතිපතා ප්‍රකාශයට පත්කරන වාර්තාවේ මෙම කරුණු පෙන්වා දී තිබේ. ඒ පසුගිය අගෝස්තු 9 සිට 15 දක්වා වූ සතියට අදාළවය.
එම සතිය තුළ මෙරට කොවිඩ් පරීක්ෂණවලින් ආසාදිතයන් වාර්තාවීමේ ප්‍රතිශතය සියයට 15.8කි. ශ්‍රී ලංකාවෙන් මේ වනවිට ඇල්ෆා , බීටා සහ ඩෙල්ටා ප්‍රභේද හඳුනාගෙන තිබුණත් පළමුවරට බ්‍රසීලයෙන් හඳුනාගත් ගැමා ප්‍රභේදය මෙතෙක් මෙරටින් වාර්තා වී නොමැති බව එම වාර්තාව පෙන්වාදෙයි.