ශ්‍රී ලංකාව තුල යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය ශක්තිමත් කිරීමට එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ පූර්ණ සහය ලබාදෙන බව එම එම වැඩසටහනේ නිත්‍ය නියෝජිත රොබට් යුකම් මහතා ප්‍රකාශ කර සිටී.
ඒ අනුව මෙරට අධිකරණ පද්ධති හා නීති යාන්ත්‍රනය පුළුල් කිරීමට අවශ්‍ය සහයෝගයද ලබාදීමට කටයුතු කරන බවත් ඒ වෙනුවෙන් මෙරට රජය සමග එක්ව කටයුතු කරන බවත් අද පෙරවරුවේ පවතී විශේෂ සම්මන්ත්‍රණයකට එක්වෙමින් යුකායි මහතා පැවසීය .
වින්දිතයින් හා සාක්ෂිකරුවන් ගේ ආරක්ෂාව සම්භන්ධව මාධ්‍යවේදීන් දැනුවත්කිරීම සඳහා මෙම සම්මන්ත්‍රණය හා වැඩමුළුව පැවැත්වුණු අතර , අපරාධයක වින්දිතයින් සහ සාක්ෂිකරුවන් ආරක්ශාකිරීම සඳහාවූ ජාතික අධිකාරිය මෙය සංවිධානය කර තිබිණ . රටේ නීතිය හා සාමය ස්ථාපිත කිරීමේදී ජනමාධ්‍යයටද විශාල වගකීමක් පැවරෙන බව යුකායි මහතා මෙහිදී පැවසීය .