ශ්‍රී ලංකාව පිලිබඳ විශේෂ වාර්තාවක් ,ජගත් මානව හිමිකම් සැසියේදී ප්‍රකාශයට පත්කෙරේ !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 48 වැනි සැසිවාරය ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී අද ආරම්භවේ..

මෙරට වේලාවෙන් පස්වරු 01 ට පමණ එම සැසිය ආරම්භ වීමට නියමිත අතර . ශ්‍රී ලංකාවේ සංහිදියාව හා මානව හිමිකම් ප්‍රවර්ධනය පිළිබද යෝජනාව සම්බන්ධයෙන්ද මෙහිදී අවධානය යොමුකිරීමට නියමිතය .

ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය පිළිබද එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් පිළිබද මහකොමසාරිස් මිචෙල් බැචලේ මහත්මිය  විසින් එහිදී වාචික වාර්තාවක් ඉදිරිපත් කිරීමට ද නියමිතව ඇති බව වාර්තාවේ .

අදාළ වාර්තාව සම්බන්ධයෙන්  අප වෙත කරුණු දැක්වූ කොළඹ විශ්ව විද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපයේ මණ්ඩපාධිපති ආචාර්ය නීතීඥ ප්‍රතිභා මහානාමහේවා.මහතා පැවසුවේ මෙරටට එරෙහිව ඉදිරිපත් කර ඇති සාක්ෂි හමුවේ මෙවර ශ්‍රී ලංකාව අවදානම් තත්ත්වයකට මුහුණ පා සිටින බවය .

විශේෂයෙන්ම කොරෝනා සමයේ මෙරට බලධාරීන්ගේ ඇතැම් තීන්දු තීරනයන්ද මානව හිමිකම්වලට පටහැනි බවට ඇතැම් සංවිධාන , ජගත මානව හිමිකම් කවුන්සිලයට පැමිණිලි කර තිබීම මීට ප්‍රධාන හේතුවක් බවද ඒ මහතා පැවසීය

ශ්‍රී ලංකාව පිලිබඳව , මිෂෙල් බැචලේ මහත්මියගේ වාචික ප්‍රකාශය මෙරට වේලාවෙන් සවස 3.30 ට පමණ ඉදිරිපත්කෙරෙනු ඇත .