‘ශ්‍රී ලංකාව මානව හිමිකම් ආරක්ෂා කර ඇති අයුරු ඇගයිය යුතුයි’ – චීන රජය

Picture of අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

මානව හිමිකම් සුරක්ෂිත කරලීම සඳහා ශ්‍රී ලංකා රජය මේ වනවිට දියත් කර ඇති පියවරයන්, ජාත්‍යන්තර ප්‍රජාව විසින් අගය කල යුතුව ඇති බව, ජගත් මානව හිමිකම් කවුන්සිලයේ හතලිස් වැනි සැසිවාරය අමතමින් චීන රජය අවධානරන කර සිටී.

ශ්‍රී ලංකාවේ මෙම පියවරයන් දෙස ධනාත්මකව හා අපක්ෂපාතීව බැලීමටද ජාත්‍යන්තර ප්‍රජාව කටයුතු කල යුතු බව චීන රජයේ නියෝජිතවරිය ඊයේ (20) පස්වරුවේ සඳහන් කර සිටියාය.

ශ්‍රී ලංකාවේ මෙම අභ්‍යන්තර වැඩපිළිවෙල සඳහා ජගත් සංවිධානයද සහය ලබාදියයුතු බවත් චීනය මෙහිදී වැඩිදුරටත් සඳහන් කර ඇත.

සංහිඳියාව, වගවීම හා මානව හිමිකම් ප්‍රවර්ධනය සම්බන්ධයෙන් කරුණු ඇතුළත් ශ්‍රී ලංකාව පිළිබඳ වාර්තාවට අදාල විවාදය අද (21) පැවැත්වෙයි.