නවතම පුවත්

ශ්‍රී ලංකා-චීන ගුවන් ගමන් හෙට සිට සීමා වෙයි

අසංක

අසංක

ශ්‍රී ලංකාව හා චීනය අතර ගුවන් ගමන් වාර , හෙට (06) දින සිට සීමා කිරීමට ශ්‍රී ලංකන් ගුවන්සේවය තීරණය කර ඇත.

ඒ අනුව මේ දක්වා කොළඹ සහ චීනය අතර සතියකට ගුවන් ගමන් 15 ක් ක්‍රියාත්මක වූ නමුත් හෙට (6) සිට එය ගුවන් ගමන් 7 ක් දක්වා සීමා කෙරේ.

මෙම ගුවන් ගමන් වාර සංශෝධනය කිරීම හෙට (6 ) සිට මාර්තු 28 වැනිදා දක්වා ක්‍රියාත්මක වේ.


ශ්‍රී ලංකන් ගුවන් සේවය චීනයේ බීජිං, ෂැංහයි සහ කැන්ටන් යන නගර තුනකට සේවා සැපයන අතර, බීජිං වෙත සතිපතා ගුවන් ගමන් වාර 4 සිට 2 දක්වාත්, ෂැංහයි වෙත ගුවන් ගමන් වාර 4 සිට 2 දක්වාත් කැන්ටන් වෙත ගුවන් ගමන් වාර 7 සිට 3 දක්වාත් අඩු කෙරෙන බව එම සමාගම නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

කොරෝනා වයිරසය පැතිර යාමෙන් පසු විදේශ ගත වන චීන සංචාරකයින්ගේ සංඛ්‍යාව සැළකිය යුතු ලෙස අඩුවීමත් වර්තමාන මගී ඉල්ලුම මත එරට නගර කිහිපයකට ගුවන් ගමන්වාර තාවකාලිකව අඩු කිරීමටත් කටයුතු යෙදූ බව එම ගුවන් සමාගම සඳහන් කරයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්