වසර 06කට පසු ශ්‍රී ලංකාව සහ ප්‍රංශය අතර සෘජු ගුවන් ගමන් අද (31) සිට යළි ආරම්භ කර ඇත
ඒ අනුව, අද අලුයම 1ට යු.එල්. 563 දරන ශ්‍රී ලංකන් ගුවන්යානය ප්‍රංශයේ පැරිස් නුවර චාර්ල් ඩි ගෝල් ගුවන්තොටුපොළ බලා පිටත්ව ගිය බව සංචාරක අමාත්‍යාංශය පැවසීය.
සෑම සතියකම බදාදා, සිකුරාදා සහ ඉරිදා එලෙස ශ්‍රී ලංකන් ගුවන්යානයක් පැරිස් නුවර බලා පිටත්වීමට නියමිත අතර එම දිනවල ප්‍රංශයේ සිට ශ්‍රී ලංකාව බලා ගුවන්යානයක් පැමිණීමට නියමිත බව අමාත්‍යාංශය සඳහන් කළේය.
1980 වසරේ දී ශ්‍රී ලංකාව සහ ප්‍රංශය අතර සෘජු ගුවන්ගමන් ආරම්භ කෙරුණු අතර 2015 වසරේ දී එය නතර කෙරුණි.
කටුනායක ගුවන්තොටුපොළේ සිට පැරීසියේ චාල්ස් ඩි ගෝල් ගුවන්තොටුපොළට ගමන් කිරීමට පැය 10කට ආසන්න කාලයක් ගත වන බව සඳහන්ය.