ශ්‍රී ලාංකිකයින්ට ඉන්දියාවෙන් හින්දි භාෂා අධ්‍යාපන ශිෂ්‍යත්ව .

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

 

ශ්‍රී ලාංකිකයින් හට  හින්දි භාෂාව හැදෑරීම සඳහා පූර්ණ ශිෂ්‍යත්ව ලබාදීමට  ඉන්දියාවේ මානව සම්පත් සංවර්ධන අමාත්‍යාංශය විශේෂ වැඩසටහනක් ආරම්භ කර ඇත .

මෙම වැඩසටහන යටතේ  ඉන්දියාවේ අග්‍රාහි  පිහිටි හින්දි භාෂාව පිලිබඳ  මධ්‍යම ආයතනය වෙතින් ශිෂ්‍යත්ව ලබාදීමට  ඉන්දීය රජය කටයුතු යොදා ඇත .

මේ සඳහා 2021 / 2022  අධ්‍යයන වර්ෂය සඳහා සිසු සිසුවියන් තෝරාගැනීම මේ වනවිට ආරම්භ කර ඇති අතර ඒ අනුව ඊට ඉල්ලුම්පත්‍ර භාරගැනීමේ කටයුත්තද  දැන් ආරම්භ කර ඇත .

උසස් පෙළ සඳහා හින්දි භාෂාව හදාරා ඇති හෝ මෙරට විශ්වවිද්‍යාලයක හින්දි භාෂාව පිලිබඳ පාඨමාලාවක් හදාරා ඇති වයස අවුරුදු 21ත් 35ත් අතර ඕනෑම ශ්‍රී ලාංකිකයෙකුට මේ සඳහා ඉල්ලුම් කල හැක .

තෝරාගන්න සිසු සිසුවියන් සඳහා , මෙම ශිෂ්‍යත්වය යටතේ ගුවන් ටිකට් පත් , එදිනෙදා වියදම් සඳහා දීමනාවක් , නවාතැන් පහසුකම් මෙන්ම වාර්ෂික  ග්‍රන්ථ මූල්‍ය ප්‍රධානයක්ද හිමිවනු ඇත .

මීට අදාළ ඉල්ලුම්පත්‍ර සතියේ දිනවල උදෑසන 9.30 සිට පස්වරු 1 දක්වා කාලය තුල පහත දැක්වෙන ලිපිනයන් වෙතින් ලබාගත හැක .

  • ඉන්දියානු සංස්කෘතික කේන්ද්‍රය , 16/2 ග්‍රෙගරි පාර , කොළඹ 07 ( දුරකථනය – 2684698)2684)
  • සහකාර ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය ,අංක  31 , රජපිහිල්ල මාවත නුවර (081-2222652)
  • ඉන්දීය කොන්සියුලේට් කාර්යාලය අංක 103 , අලුත් පාර, හම්බන්තොට (047-2222500)
  • ඉන්දීය කන්සියුලේට් කාර්යාලය අංක 14  මාරුතාදී පාර , නල්ලූර් . යාපනය  (021-2220502)
    .
    මෙම ඉල්ලුම් පත්‍ර සම්පූර්ණ කර , අදාළ සහතිකද සමග,  අයදුම්කරුවන් ලබන අප්‍රේල් මස 05 දින ඉන්දීය සංස්කෘතික කේන්ද්‍රයේදී පැවැත්වෙන සම්මුඛ පරීක්‍ෂණයට සහභාගී විය යුතුය

වැඩි විස්තර පහත දුරකතනයෙන් හෝ ඊ මේල් ලිපිනයෙන් ලබාගත හැක

2684698 / Email: [email protected].