එංගලන්තයේ සංචාරයක නිරතව පසුගිය සතියේ දිවයිනට යළි පැමිණි බැවින්, තමන් මේ වනවිට ස්වයං නිරෝධායනයකට ලක්ව සිටින බව සුපිරි ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර මාධ්‍ය වෙත සඳහන් කර සිටී
එංගලන්තයේ සිට මෙරටට පැමිණි වහාම තමන් පොලිස් ස්ථානයට දුරකතන ඇමතුමක් ලබා දී ලියාපදිංචි වූ බවත් මේ වනවිට මහජන සෞඛය පරීක්ෂකවරුන්ගේ උපදෙස් සහ අධීක්ෂණය යටතේ තමන් ස්වයං නිරෝධායනය වන බව සංගක්කාර මෙහිදී සඳහන් කර ඇත,
මෙම නිරෝධායන කාල සීමාව තුළ පවුලේ සාමාජිකයින්ගේ වෙන්වී තමන් කාලය ගත කරන බව ද කුමාර් සංගක්කාර පැවසීය.
නිරෝධායනයට බිය නොවන ලෙසත් රට මුහුණදී සිටින අවදානම් තත්ත්වයෙන් මුදවා ගැනීමට මෙය ජාතික යුතුකමක්, සමාජ වගකීමක් සේ සළකා කටයුතු කරන ලෙසත් කුමාර් සංගක්කාර මහජනතාවගෙන් මෙහිදී ඉල්ලා සිටී .