නවතම පුවත්

“සංචරණ සීමා තවත් දැඩි කරන්න” විශේෂඥ වෛද්‍යවරු ජනපතිට ලියති

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පැතුම් වික්‍රමරත්න

දැනට ක්‍රියාත්මක සංචරණ සීමා තවදුරටත් දැඩි ලෙස ක්‍රියාත්මක කළ යුතු බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය ජනාධිපතිවරයාට ලිපියක් යවමින් අවධාරණය කරයි.

කෝවිඩ් මරණ සංඛ්‍යාව 28%කින් වර්ධනය වී ඇති බවත් කෙරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව මේ වන විට ඉකුත් කාලයට සාපේක්ෂව 12%කින් ඉහල ගොස් ඇති බවද එම ලිපියේ දක්වා ඇත.

දිනෙන් දින රෝහල් පද්ධතියට දරාගත නොහැකි වන අයුරින් රෝගීන් සංඛ්‍යාව ඉහළ යමින් තිබෙන බව ද මෙය තවදුරටත් වාර්ධනය වුවහොත් එම තත්ත්වය රෝහල් පද්ධතියට දරාගත නොහැකිවනු ඇතැයි ද විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය ජනාධිපතිවරයාට යවා ඇති එම ලිපියේ සඳහන් වේ.

තවද එන්නත්කරණ වැඩසටහන විනිවිද භාවයකින යුතුව සිදු කළ යුතු අරත ඒ සඳහා විද්‍යාණුකූල හා සාධාරණ ක්‍රමවේදයක් අනුගමනය කළ යුතු වන බව ද එහි සඳහන් වේ.

විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දු සහ ලේකම් විශේෂඥ වෛද්‍ය ආර්.ඥාණසේකරම් යන මහත්වරුන්ගේ අත්සනින් යුතුව එම ලිපිය ජනාධිපතිවරයා වෙත යවා තිබේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්