සංචාරකය ගේ ආරක්ෂාවට විශේෂ වැඩපිළිවෙළක්

Picture of අසංක

අසංක

ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරිම සදහා විශේෂ වැඩපිළිවෙලක් දියත් කිරීමට රජය සැලසුම් කර ඇත.

සංචාරක පොලිසීය, වෙරළ සංරක්ෂණ දෙපාර්තුමේන්තුව යන ආයතනද සම්භන්ධ කරගනිමින් මෙම වැඩපිළිවෙල කඩිනමින් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බවද සංචාරක හා ගුවන් සේවා අමාත්යංශය සඳහන් කර සිටී.

මේ යටතේ තවත් සංචාරක පොලිස් ස්ථාන 14 ක් පිහිටුවීමට අපේක්ෂා කරන බවත් සංචාරක පොලිසියට අවශ්‍ය පහසුකම් වැඩි කිරීමට පියවර ගන්න බවත් අමාත්‍යාංශය සඳහන් කර සිටී.

මිට අමතරව මුහුදේ හා වෙරළ ආශ්‍රිතව ක්‍රියාකාරකම්වල නියැලෙන සංචාරකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සදහා එම වෙරළ සංරක්ෂණ දෙපාර්තුමේන්තුවට අවශ්‍ය පහසුකම් සැලසීමටත්, සෆාරි හා තල්මසුන් නැරඹීමට යෙදවන බෝට්ටුවල ආරක්ෂාව හා ගුණාත්මක බව ඉහළ නැංවීම සදහා ද අවධානය යොමුව ඇතැයි අමාත්‍යංශය සඳහන් කර සිටී.