ප්‍රංශය, නෝර්වේ, ස්වීට්සර්ලන්තය සහ මහා බ්‍රිතාන්‍ය යන රටවල පුරවැසියන්ට ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම සදහා පනවා තිබූ සීමා ලිහිල් කිරීමට එම රටවල් තීරණය කර තිබෙනවා.
ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සදහන් කළේ මෙරට සංචාරක කර්මාන්තයට ලැබුණු විශේෂ වාසියක් බවයි. ශීත සෘතුව ආරම්භ වීමත් සමග යුරෝපා රටවලින් ශ්‍රීලංකාවට පැමිණෙන සංචාරකයන්ගේ සංඛ්‍යාව ඉහළ යනු ඇති බවද අමාත්‍යවරයා පෙන්වා දෙනවා.