නවතම පුවත්

සංචාරක පැමිණීමෙන් මේ වසරේ ආදායම ඇ.ඩොලර් බිලියනය ඉක්මවයි

අසංක

අසංක

ශ්‍රී ලංකාවට පැමිණෙන ජාත්‍යන්තර සංචාරකයින්‍ගේ ඉහළ යාමත් සමඟ ‍මේ වසරේ ජනවාරි සිට ජුලි දක්වා කාලය තුළ සංචාරක කර්මාන්තයෙන් ලද ඉපැයීම ඇමරිකානු ඩොලර් බිලියන 1 සීමාව ඉක්මවා තිබේ.

ශ්‍රී ලංකා මහබැංකුවේ දත්ත වාර්තා පවසන පරිදි මෙරටට ආ සංචාරයකයන්ගෙන් ගෙවුණු ජූලි මාසයේදී ලද ඉපැයීම ඇමරිකානු ඩොලර් මිලියන 219 කි.

ඒ අනුව මේ වසරේ පළමු මාස ​​හත තුළ මුළු සංචාරක ඉපැයීම් ඇ.ඩො. බිලියන 1.094කි. එය 2022 වසරේ එම කාලය හා සසඳන විට 43.1% ක වර්ධනයකි.

ජනවාරි සිට ජූලි දක්වා කාලය තුළ සංචාරකයින් 767,913ක් මෙරටට පැමිණීම තුළින් මෙම මුදල උපයා ඇත.

2022 නොවැම්බර් මාසයේදී සංචාරක ඉපැයීම් ඇමෙරිකානු ඩොලර් බිලියන 1 ක සන්ධිස්ථානයකට ළඟා වූ නමුත් එම මුළු වසර සඳහාම සංචාරක ඉපැයීම් ඩොලර් බිලියන 1.136 ක් විය.

2021 වර්ෂයේදී සංචාරක අංශය උපයා ගත්තේ ඇමෙරිකානු ඩොලර් මිලියන 633ක් පමණකි.

2020, එනම් වසංගතය ඇති වූ වර්ෂයේදී එම කර්මාන්තය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.08ක ආදායමක් උපයා ගැනීමට සමත් විය.

2023 ජූලි මාසය Covid-19 වසංගතය ආරම්භයේ සිට ඇමරිකානු ඩොලර් මිලියන 200 ක මාසික ඉපැයීම් සීමාව ඉක්මවා ගිය පළමු මාසය බවට ද පත්ව තිබේ.

2029 වන විට සංචාරකයන් මිලියන 5ක් ආකර්ශනය කර ගැනීමට ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය (SLTDA) අපේක්ෂා කරයි.

සංචාරක සංවර්ධන අධිකාරිය නවතම සංඛ්‍යාලේඛන පෙන්නුම් කළේ ජනවාරි 1 සිට අගෝස්තු 10 දක්වා ශ්‍රී ලංකාව විදෙස් සංචාරකයන් 819, 507 ක් පිළිගෙන ඇති බවයි.

අගෝස්තු මාසයේ පළමු දින 10 සඳහා සංචාරකයින් 51,594ක් රට තුළට ඇතුළු වී ඇත.

දෛනික පැමිණීමේ සාමාන්‍යය 5,159කි. අගෝස්තු මාසය සඳහා සංචාරකයින් 149,015ක් ආකර්ෂණය කර ගැනීමට කර්මාන්තය අපේක්ෂා කරයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්