සංචාරක පැමිණීම තවදුරටත් ඉහළ යයි

Picture of අසංක

අසංක

මේ මාසය තුළ මෙරටට පැමිණි විදෙස් සංචාරකයන් සංඛ්‍යාව ඉහළ ගොස් තිබෙන බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

ජනවාරි 29 වැනිදා එනම් ඊයේ තෙක් ගතවූ මාසය තුළ මෙරටට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව 95,456කි.

එමෙන්ම පසුගිය මාසයේදී එනම්, 2022 දෙසැම්බර් මාසයේදී මෙරටට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව 91,961 කි.

පසුගිය වසරේ ජනවාරි මාසය තුළ මෙරටට පැමිණ තිබූ සංචාරකයන් ගණන 82,327 කි.

පහත දැක්වෙන්නේ පසුගිය වසරේ සහ ඉන් පෙර වසරේදී මාසිකව මෙරටට පැමිණි සංචාරකයන්ගේ දත්ත ය.