2023 නොවැම්බර් මස මුල් දින 15 තුළ දී ශ්‍රී ලංකාවට පැමිණ ඇති විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 74,664 ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ නවතම සංඛ්‍යාලේඛන අනාවරණය කර සිටී.
ඒ අනුව 2023 වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් ප්‍රමාණය දොළොස් ලක්ෂයේ සීමාව අභිබවමින් 1,200,119 ක් ලෙසින් වාර්තා වේ.
නොවැම්බර් මාසය තුළ දී ඉන්දීය සංචාරකයින් 13,491 ක් සහ රුසියානු සංචාරකයින් 12,580 ක් මෙරටට පැමිණ ඇති අතර එය සමස්ත සංචාරකයින්ගෙන් පිළිවෙලින් 18% ක් සහ 17% ක් වේ.

