නවතම පුවත්

ශ්‍රී ලංකාවට න්‍යෂ්ටික විදුලි බලාගාරයක්

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

2032 වන විට මෙරටට අඛණ්ඩ විදුලි බල සැපයුමක් සඳහා පාවෙන න්‍යෂ්ටික බලාගාරයක් ඉදිකිරීමට සැලසුම් සකස් කරමින් සිටින බව ශ්‍රී ලංකා පරමාණු බලශක්ති මණ්ඩලයේ සභාපති මහාචාර්ය එස්. ආර්. ඩී. රෝසා මහතා පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ මෙරට න්‍යෂ්ටික බලශක්ති නීතිය සකස් කිරීම සඳහා දිවයිනට පැමිණ සිටින ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ආයතනයේ නිලධාරීන් පිරිසක් සමග පැවැති සාකච්ඡාවකින් අනතුරුව ය. 

ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලය සහ ශ්‍රී ලංකා පරමාණු බලශක්ති නියාමන අධිකාරියේ දැනට පවතින නීතිය අනුව ශ්‍රී ලංකාවට න්‍යාෂ්ටික බලාගාරයකින් විදුලිය සැපයුම ලබාගැනීමට හැකියාවක් නොමැත. 

ඒ අනුව පළමුවෙන් සිදුකළ යුතු වන්නේ අදාළ නීතිය වෙනස් කිරීම සඳහා කෙටුම්පත් සකස් කිරීම ය. 

ඒ සඳහා සහායවීමට ජාත්‍යන්තර පරමාණු බලශක්ති ආයතනයේ නීති කටයුතු කාර්යාලයේ න්‍යෂ්ටික සහ ගිවිසුම් නීති අංශයේ ප්‍රධානි ඇන්තනි වෙදෙරෝල් මහතා ඇතුළු නියෝජිතයින් සිව්දෙනෙකු පසුගියදා දිවයිනට පැමිණියහ. 

කොළඹ වරාය නගරය, සැහැල්ලු දුම්රිය ඇතුළු රට තුළ ක්‍රියාත්මක නව ව්‍යාපෘති සඳහා අඛණ්ඩ විදුලි සැපයුමක් අවශ්‍ය වෙයි.

ඊට යෝග්‍යම ප්‍රබවය වන්නේ න්‍යෂ්ටික විදුලි සැපයුම බව ශ්‍රී ලංකා පරමාණු බලශක්ති මණ්ඩලය සභාපති මහාචාර්ය එස්.ආර්.ඩී. රෝසා මහතා පැවසීය. 

ඔහු පැවසුවේ ඒ අනුව මෙගාවොට් 400ක පමණ පාවෙන න්‍යෂ්ටික විදුලි බලාගාරයක් කෙරෙහි ශ්‍රී ලංකාවේ අවධානය යොමුව ඇති බවයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්