නවතම පුවත්

සංහිඳියාවේ සැලැස්ම කඩිනම් කෙරේ !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න


සංහිඳියාව සඳහා වන ක්‍රියාකාරී සැලැස්ම ක්‍රියාත්මක කිරීමට අදාළ නීති කෙටුම්පත් කිරීමේ කටයුතු කඩිනම් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අදාළ අංශවලට උපදෙස් දී තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව පවසයි.

ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දී ඇත්තේ සංහිඳියාව සඳහා වන ක්‍රියාකාරී සැලැස්ම පිළිබඳ ඊයේ (08) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදීය.

නීති සම්පාදනය, ආයතනික ක්‍රියාකාරකම්, ඉඩම් ගැටලු, සිරකරුවන් නිදහස් කිරීම, බලය විමධ්‍යගත කිරීම යන ප්‍රධාන ක්ෂේත්‍ර 05ක් යටතේ ක්‍රියාත්මක කරන ලද වැඩසටහන්වල ප්‍රගතිය මෙහිදී සමාලෝචනය කෙරිණි.

සත්‍ය හා ප්‍රතිසන්ධාන කොමිසම (TRC) ක්‍රියාත්මක කිරීම, ජාතික ඉඩම් සභාවක් පිහිටුවීම සහ ජාතික ඉඩම් ප්‍රතිපත්තියක් සකස් කිරීම, අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලය වඩාත් ඵලදායී අන්දමින් පවත්වාගෙන යාම, එහි ඩිජිටල්කරණ කටයුතු අවසන් කිරීම සහ මේ දක්වා තොරතුරු අනාවරණය කර ගත නොහැකි අතුරුදන් වූවන් සඳහා නොපැමිණීමේ සහතික නිකුත් කිරීමේ ක්‍රියාවලිය කඩිනම් කිරීම පිළිබඳව ද සාකච්ඡාවට ලක්ව තිබේ.

එමෙන්ම වන්දි ගෙවීමේ කාර්යාලය ස්ථාපිත කිරීම, ජාතික සමගිය සහ සංහිඳියාව සඳහා වූ කාර්යාලය ස්ථාපිත කිරීම යන කාර්යයන් සම්බන්ධයෙන් දැනට ගෙන යන වැඩපිළිවෙළ ඉදිරි මාස දෙක තුනක කාලය තුළ අවසන් කර, ඒ පිළිබඳ වාර්තාවක් ලබා දෙන ලෙස ද ජනාධිපතිවරයා අදාළ පාර්ශ්ව වෙත උපදෙස් දී ඇත.

ඉඩම් ගැටළු විසඳීම සඳහා ක්‍රියාත්මක යාන්ත්‍රණය කෙරෙහි ද මෙම සාකච්ඡාවේ දී අවධානය යොමු වූ අතර අවතැන් වූවන් නැවත පදිංචි කිරීම, රාජ්‍ය අංශයේ පරිහරණය යටතේ පවතින පෞද්ගලික ඉඩම් නිදහස් කිරීම, මහවැලි ඉඩම් සම්බන්ධ ගැටලු නිරවුල් කිරීමට කඩිනම් පියවර ගැනීමේ අවශ්‍යතාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අවධාරණය කරනු ලැබීය.

සිරකරුවන් නිදහස් කිරීම සහ සිරකරුවන්ට සමාව දීම සම්බන්ධයෙන් සවිස්තර වාර්තාවක් අධිකරණ අමාත්‍යාංශය හරහා ඉදිරිපත් කරන ලෙස ද මෙහිදී ජනාධිපතිවරයා අදාළ නිලධාරීන්ට දැනුම් දී තිබේ.

බලය විමධ්‍යගත කිරීම, පළාත් මට්ටමින් ක්‍රියාත්මක සංවර්ධන සැලසුම් සහ පළාත් ඔම්බුඩ්ස්මන්වරයෙකු පත්කිරීම සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡාවට ලක්කර ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්