නවතම පුවත්

ගෙවුණු වසර 5 තුළ වාහන ආනයනය කළ හැටි

අසංක

අසංක

වසර 3කට අධික කාලයක් තිස්සේ තහනමට ලක්කර ඇති වාහන ආනයනයට, ඩොලර්වලින් බදු අයකරගනිමින් ඉඩ ලබාදීමට ඇති හැකියාව සම්බන්ධයෙන් සළකා බලමින් සිටින බව රජය කියයි.

ඒ පිළිබඳ වන යෝජනාවක්, බදු ආදායම වැඩිකිරීම සහ විනිමය ආරක්ෂා කිරීම පිළිබඳ රජය සකස් කරන වාර්තාවට ඇතුළත් කිරීමට අපේක්ෂා කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා අද(09) පැවසීය.

අමාත්‍යවරයා මේ බව කියාසිටියේ මන්ත්‍රී, නීතිඥ ප්‍රේමනාත් සී දොලවත්ත මහතා අද පාර්ලිමේන්තුවේ දී විමසු පැනයකට පිළිතුරු දෙමිනි.

පවතින දත්තවලට අනුව ගෙවුණු වසර 5 තුළදී රටේ ජනගහනයෙන් සෑම 5කගෙන් එක් අයෙකු වාහනයක් ආනයනය කර ඇති බවට පෙනී යන්නේ යැයි ද මුදල් රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී කීය.

ඔහු සඳහන් කළේ මින් 75%ක්ම බැංකු ණය මත ලබාගත් වාහන බවයි.

2015 සිට 2020 දක්වා ශ්‍රී ලංකාවට ආනයනය කරන ලද වාහන සංඛ්‍යාව 2,498,714කි.

එම වාහන ඉන්දියාව, ජපානය, චීනය ප්‍රමුඛ රටවල් 68කින් ආනයනය කර ඇත.

100කට ආසන්න විදේශ මෝටර් රථ සමාගම්වලින් අදාළ වාහන මෙරටට ගෙන්වා ඇත.

මෝටර් වාහන ආනයනය කිරීම තහනම් කිරීම සඳහා රජය කටයුතු යෙදුවේ 2020 මාර්තු මාසයේ සිට ය. ඒ මෙරට ආර්ථිකය තුළ විනිමය අනුපාතය මත ඇති වූ දැඩි පීඩනය සමනය කර විදේශ සංචිත ආරක්ෂා කර ගැනීමේ අරමුණිනි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්