පැතුම් වික්‍රමරත්න
විපක්ෂ නායක ධූරයට සජිත් ප්‍රේමදාස මහතා පත්කරන ලෙස ඉල්ලමින් මන්ත්‍රීවරුන් 57 දෙනෙකුගේ අත්සන් සහිතව ලැබුණු ලිපිය එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් වෙත යොමුකළ බව කතානායක කරූ ජයසූරිය මහතා නිවේදනය කර සිටී .
, විපක්ෂයේ මන්ත්‍රීවරුන් අතර අවසන් එකඟතාවකින් පසු ගනු ලබන තීරණය තමා වෙත දැනුම්දිය යුතුව ඇති බවද කතානායකවරයා මාධ්‍ය වෙත සඳහන් කර ඇත.
ඒ පිළිබඳව මේ මීළඟ පාර්ලිමේන්තු දිනයේදී ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව විපක්ෂ නායක ධුරය නිල වශයෙන් බලාත්මක වන බවද ඔහු සඳහන් කර ඇත