සජිත් නොපැමිණේ සාකච්ඡාව අවලංගුයි

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පැතුම් වික්‍රමරත්න
සජිත් ප්‍රේමදාස මහතා නොපැමිණීම හේතුවෙන් , එජාපයේ අර්බුද පිළිබඳව අද සවස පැවැත්වීමට නියමිතව තිබු සාකච්ජාව අවලංගු කර ඇති බව වාර්තාවේ.

එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා , කතානායක කරු ජයසූරිය මහතා හා සජිත් ප්‍රේමදාස මහතා අතර මෙම සාඛ්ජාව පවත්වීමට නියමිතව තිබිණ.

කෙසේ වෙතත් අසනීප තත්වයක් ඇති බව පවසමින් සජිත් ප්‍රේමදාස මහතා මෙම සාකච්ජාවට සහභාගිවී නොමැති අතර ඒ අනුව සාකච්ජාව වෙනත් දිනයක පැවැත්වීමට රනිල් වික්‍රමසිංහ මහතා හා කරු ජයසූරිය මහතා තීරණය කර ඇත.

සාකච්ජාව සඳහා රනිල් වික්‍රමසිංහ මහතා අද සවස 4.15 පමණ කතානායක නිල නිවසට ගොස් ඇති අතර ඒ මහතා හා කතානායකවරයා පයක පමණ කාලයක් සජිත් ප්‍රේමදාස මහතා පැමිණෙන තුරු බලා සිට ඇති බවටද තොරතුරුවාර්තවේ