ඉදිරි ජනාධිපතිවරණයේ නිල අපේක්ෂකයකු ලෙස එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක, ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ මංගල රැළිය ලබන 10 වැනිදා ගාලුමුදදොර දී පැවැත්වේ.
පස්වරු 2ට එය ආරම්භ වන අතර එදිනට ගාලුමුවදොර පිටියට දිවයින පුරා ලක්ෂ ගණනින් වන ජනතාව කැඳවා එම පිටිය පිරවීමට සංවිධායකයෝ අපේක්ෂා කරති.
නාමයෝජනා භාරදීමෙන් පසුව සජිත් ප්‍රේමදාස මහතා මෙලෙස ජනාධිපතිවරණය වෙනුවෙන් ජන හමුව පවත්වන පළමු අවස්ථාව එයයි.