සජිත් වෙනුවෙන් චන්ද්‍රිකාගේ සමුළු හෙට සිට රටපුරා

Picture of අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

ශ්‍රීලනිපය සුරකීමේ සංවිධානය හා “අපි ශ්‍රී ලංකා” සංවිධානය එක්ව හෙට (08) සිට , දිස්ත්‍රික් මට්ටමින් රට පුරා සමුළු මාලාවක් පැවැත්වීමට සැලසුම් කර ඇත.

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ මෙහෙයවීම යටතේ මෙම සමුළු මාලාව පැවැත්වෙන බවටද තොරතුරු වාර්තාවේ.

මෙම සමුළු සඳහා දිස්ත්‍රික්ක මට්ටමින් ශ්‍රීලනිප සංවිධායකවරුන් එක්කරගැනීමටද සැලසුම් සකස් කර ඇති බව වාර්තාවේ.

මීට අමතර සෙසු දේශපාලන පක්ෂ නියෝජිතයින් මෙන්ම සිවිල් සංවිධාන ක්‍රියාකාරීන්ද මීට එක්කරගන්නා ලෙස චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය උපදෙස් ලබාදී ඇත .

කෙසේ වෙතත් හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ ප්‍රධානත්වයෙන් කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ පසුගිය (05) පැවැති ‘අපි ශ්‍රී ලංකා’ සමුළුවට සහභාගි වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන් සංවිධායකවරුන් වෙනුවට ආසනවලට වැඩ බලන සංවිධායකවරුන් පත් කිරීමට ශ්‍රීලනිපය මධ්‍යම කාරක සභාව මේ වනවිටත්තී රණය කර තිබේ