නවතම පුවත්

බේල් ක‍්‍රමයට ඡන්ද බලය භාවිතා කිරීමේ අයිතිවාසිකම ලබා දෙනවා – ගෝඨාභය

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය පළ කිරීමට, ශ‍්‍රී ලංකා සහකම්පන සංවිධානය සහ ආබාධ සහිත පුද්ගල සංවිධාන ඒකාබද්ධ පෙරමුණ සමග ඊයේ ගිවිසුම් ගත වුනා

ඊට අදාල ගිවිසුම් අත්සන් තැබීම ඊයේ (06) උදෑසන මිරිහානේ පිහිටි ගෝඨාභය රාජපක්ෂ මහතාගේ කාර්යාලයේදී සිදු කෙරුණු අතර ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ වෙනුවෙන් පක්ෂයේ ලේකම් සාගර කාරියවසම් මහතා, ආබාධ සහිත පුද්ගල සංවිධාන ඒකාබද්ධ පෙරමුණ වෙනුවෙන් එහි සභාපති රසාංජලී පතිරගේ මෙනවිය, ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ සහකම්පන සංවිධානය වෙනුවෙන් එහි සභාපති සුසන්ත වික‍්‍රමසිංහ මහතා මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීය.

ආබාධය බාධාවක් නොවන සමාජයක් නිර්මාණය කිරීම සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම් සමයේ කල මෙහෙවර අගයමින් සහ ආබාධ සහිත පුද්ගලයින්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් නිරන්තරයෙන් පෙනී සිටීම හේතුවෙන්  මෙම සංවිධාන ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය පලකිරීමට තීරණය කර ඇත.

මෙහිදී බ්‍රේල් ක‍්‍රමයට හා පටිගත ක‍්‍රමයට සකසන ලද ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුනේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය ද ගෝටාභය  රාජපක්ෂ මැතිතුමා විසින් එම සංවිධානවලට පිළිගැන්විය.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ ගෝඨාභය රාජපක්ෂ මහතා

2007 වසරේ අත්සන් තබන ලද ආබාධිත පුද්ගලයින් සම්බන්ධයෙන් වූ එක්සත් ජාතින්ගේ ප‍්‍රඥප්තිය නීතිගත කර ආබාධ සහිත පුද්ගලයින්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරිමට පියවර ගන්නා බවත් තමා ආරක්ෂක ලේකම් සහ නාගරික සංවර්ධන අධිකාරියේ ලේකම් ලෙස කටයුතු කරන සමයේදී පදික වේදිකා නිර්මාණය කිරීමේදී ආබාධ සහිත පුද්ගලයින්ගේ ආරක්ෂාව සහතික වන අයුරින් නිර්මාණය කිරීමටත්, ඒ ස`දහා වූ විශේෂිත ගඩොල් වර්ගය ලංකාවට හදුන්වා දීමත්, ආබාධිත පුද්ගලයින් සදහා උචිත අයුරින් පොදු වැසිකිලි සැකසිමත්, පොදු ස්ථානවලට ප‍්‍රවේශ පහසුකම් ඇති කිරීමත් සිදුකල බවද ප්‍රකාශ කලා.

විශේෂයෙන් බේල් ක‍්‍රමයට ඡුන්ද බලය භාවිතා කිරීමේ අයිතිවාසිකම ද ඉදිරියේදී හිමිකර දෙන බව ඒ මහතා එහිදී අවධාරණය කලේය.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්තී‍්‍ර දිනේෂ් ගුණවර්ධන, උදය ගම්මන්පිල, ගාමිණී ලොකුගේ, සුසිල් ප්‍රේමජයන්ත, ඩලස් අලහප්පරෙැම, බන්දුල ගුණවර්ධන මහත්වරු ඇතුලූ පිරිසක් සහභාගි වූහ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්