සතොසෙන් නිවසටම බඩු මල්ලක් !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

සංචරණ සීමා පනවා ඇති කාලය තුළ සතොස අළෙවිසල්වලින් නිවසටම භාණ්ඩ ගෙන්වා ගැනීමට විශේෂ  වැඩසටහනක් සකස් කර ඇතැයි වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කර සිටී
සතොස ක්ෂණික ඇමතුම් අංකය වන 1998 ට ඇමතීමෙන් හෝ http://www.lankasathosa.lk වෙබ් අඩවියට පිවිසීමෙන් භාණ්ඩ ඇනවුම් කළ හැකි බවත් අමාත්‍යවරයා මෙහිදී පැවසීය .
 මෙහිදී රුපියල් දහසේ හෝ පන්දහසේ භාණ්ඩ මලූ ලෙස හෝ වෙන වෙනම අවශ්‍ය පරිදි  භාණ්ඩ ඇනවුම් කළ හැකි බවද  අමාත්‍යවරයා පැවසීය
 සතොස වෙබ් අඩවියේ භාණ්ඩ සහ ද්‍රව්‍ය 114 ක් ඇතුළත්ව ඇති බවත් එම ඕනෑම භාණ්ඩයක් ඇනවුම් කළ හැකි බවත් .වෙළෙඳ අමාත්‍යංශයේදී  පැවැති විශේෂ මාධ්‍ය හමුවේදී අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා  පැවසීය.