අලිඇතුන් යනු ජාතික සම්පතක් බැවින් ඔවුන් ආරක්ෂා කිරීම සැමගේ වගකීම බව හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
පරාක්‍රම සමුද්‍රය ආශ්‍රිතව නිදැල්ලේ සිටි ඇත් යුවළක් දුටු මෛත්‍රීපාල සිරිසේන මහතා ඔවුන්ගේ සුන්දර සේයාරූ පෙළක් සමගින් පහත සටහන සිය සමාජ ජාලයට මුදාහැර තිබුණි.
“පැරකුම් සමුදුර තරණය කොට මෙගොඩට පැමිණෙන දළ ඇතුන් දෙදෙනෙක් මේ දිනවල පැරකුම් සමුදුරු වැව්තාවුල්ලේ නිදැල්ලේ කෙළි සෙල්ලම් කරමින් නිදැල්ලේ සැරි සරයි. නෙතට සතුටක් උපදවන මෙම සුන්දර ඇතුන් දෙදෙනා ආරක්ෂා කොට රැකබලා ගැනීම සැමගේ වගකීමයි.
මෙම ඇතුන් දෙදෙනා ආරක්ෂා කරන ලෙස බලධාරීන් ගෙන් මා ඉල්ලිමක්ද කරන ලදී.
අලි ඇතුන් යනු ජාතික සම්පතකි.”