කොවිඩ්-19 හෙවත් කොරෝනා වෛරසය ආසාදිතයින්ගේ පැතිරීම සම්බන්ධයෙන් අනිසි ලෙස බියවිය යුතු නැතැයිද අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගෙන ඇතැයි ද අගමැති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
හෙතෙම පෙන්වාදෙන්නේ මෙම ගෝලීය වසංගතය රට තුළ පාලනයට අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග සෞඛ්‍ය බලධාරීන් සමග එක්ව ගනිමින් සිටින බවයි.
“ශ්‍රී ලංකාවේ COVID19 ආශ්‍රිත වර්ධනය ගැන කලබල නොවන්නැයි මම මහජනතාවගෙන් ඉල්ලා සිටිමි. වර්තමානයේ ගෙන ඇති තීරණ අප සියල්ලන්ම ආරක්ෂිතව තබා ගැනීම සඳහා පූර්වාරක්ෂාව සහ වැළැක්වීමේ පියවරයන් වේ. අප සියලු දෙනාම අවබෝධයෙන් යුතුව එක්ව කටයුතු කරමින්, සන්සුන්ව සිටියහොත්, මෙම ගෝලීය අර්බුදයෙන් අවම බලපෑමක් ඇතිවන පරිදි කටයුතු කළ හැකි බව මට විශ්වාසයි.” යැයි අගමැතිවරයා වැඩිදුරටත් අවධාරණය කර තිබේ.