නවතම පුවත්

සඳට ගිය පළමු නියමුවා මයිකල් කොලින්ස් ජීවිතයට සමුදෙයි

අසංක

අසංක

පළමු වතාවට සඳ වෙත ගිය පළමු මිනිසුන් තිදෙනා අතරින් කෙනෙකු වී සඳ මත පා නොතබා සාර්ථකව එම ඓතිහාසික මෙහෙයුම අවසන් කළ ගගනගාමී මයිකල් කොලින්ස් අභාවප්‍රාප්ත වී තිබේ.

ඔහුගෙ පවුලේ ඥාතීන් නිවේදනයක් මගින් දන්වා සිටින්නේ පිළිකා රෝගයකින් පෙළුණු බවයි.

ඔහු අවසන් දික කිහිපය ඉතා සාමකාමීව ගත කර 90 වැනි විය පසුකරමින් සිටියදී මෙලෙස අභාවප්‍රාප්ත වී ඇත.

ඇමරිකානු ගගනගාමී මයිකල් කොලින්ස් 1969 ජූලි 20 වන දින සඳ මතට ගිය ගමනේ ඇපලෝ 11 යානයේ නියමුවා විය. ඔහු යානයේ රැඳී සිටිමින්, නීල් ආම්ස්ට්‍රෝං සහ බස් ඕල්ඩ්‍රින්ට සඳ මත ඇවිද ගොස් එනතුරු පැය 21ක් යානයේ සිටියේ එම වගකීම බිඳකුදු අත්නොහරිම්නි. ඒ නිසාම ඔහුට ඉතිහාසයේ හුදෙකලාම මිනිසා යන නාමය ද හැඳින්විණ.

මෙම ඓතිහාසික මෙහෙයුමේ “අමතක වූ” තුන්වන ගගනගාමියා ලෙස බොහෝ විට විස්තර කෙරෙන කොලින්ස්, ඔහුගේ සගයන් දෙදෙනා සඳ මතින් මොඩියුලය වෙත ආපසු එන තෙක් පැය 21 කට වැඩි කාලයක් තනිව සිටියේ සෙසු ගගනගාමීන් දෙදෙනාට ද පූර්ණ තාක්ෂණික සහය දෙමින් යානයේ නියමුවාගෙ වගකීම සියතින් ගිලිහෙන්නට නොදෙමිනි.

අභ්‍යවකාශ යානය සඳෙහි අඳුරු පැත්ත වටා ගමන් කරන සෑම අවස්ථාවකම ඔහුට හූස්ටන්හි මෙහෙයුම් පාලනය සමඟ සම්බන්ධතා නැති වූ බව නාසා ආයතනය කියයි.

පහත දැක්වෙන්නේ මයිකල් කොලින්ස්ගේ අභාවය පිළිබඳ වැඩබලන නාසා පරිපාලක ස්ටීව් ජර්සික්ගේ ප්‍රකාශයකි:

“ගගනගාමී මයිකල් කොලින්ස්ගේ ගවේෂණය සඳහා සැබෑ පුරෝගාමියෙකු සහ ජීවිත කාලය පුරාම එය උදෙසා පෙනී සිටි උපදේශකයෙකු ලෙස අද ජාතියට අහිමි විය. ඔහු අඟහරු වැඩසටහනේ මෙන්ම ගුවන් හමුදා නියමුවෙකු ලෙස කැපී පෙනුණි. ඇපලෝ 11 විධාන මොඩියුලයේ නියමුවා ලෙස – සමහරු ඔහුව හැඳින්වූයේ ‘ඉතිහාසයේ හුදෙකලාම මිනිසා’ යනුවෙනි.”

සඳ මතට ගිය පළමු මිනිසුන් තිදෙනා වන නීල් ආම්ස්ට්‍රෝන්, බස් ඕල්ඩ්‍රින් සමඟින් මැද සිටින්නේ මයිකල් කොලින්ස් ය.

 

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි