නවතම පුවත්

සම්බුදු තෙමගුල සිදුවූ වෙසක් පුන් පොහොය අදයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

* සිරකරුවන් 240කට නිදහස
* ඡායා චන්ද්‍රග්‍රහණයක් අද
* මෙවර පොහොයට ප්‍රථම වරට ටීවී තොරණ්
– බතික් වෙසක් කූඩු

ප්‍රබෝධා හෙට්ටිආරච්චි

සමස්ත ලෝකවාසී බෞද්ධ ජනතාව විසින් සුපහන් සිතින් සමරන ප්‍රමුඛතම බොදු උත්සවය වන වෙසක් පුන් පොහෝ දිනය අදයි.

බුදුන් වහන්සේගේ ජීවිතයට සම්බන්ධ ප්‍රධාන සිද්ධි 3ක් මෙහිදී සමරනු ලැබේ. එම අවස්ථා නම් සිද්ධාර්ථ කුමාරෝත්පත්තිය,ශ්‍රී සම්බුද්ධත්වයට පත්වීම, පරිනිර්වාණය යන අවස්ථා ත්‍රිත්වය යි.

එමෙන්ම කිඹුල්වත් නුවරදී ශාක්‍යයන් ඉදිරියේ යමාමහ පෙළහර පෑම, බුදුන් වහන්සේ තුනවැනි වරට ශ්‍රී ලංකාවේ කැළණියට වැඩම කිරීම, ආනන්ද හිමියන් පිරිනිවන් පෑම , සුමන සමන් දෙවියන්ගේ ආරාධනාව මත සමනල කන්ද මුදුනේ බුදු සිරිපා පිහිටුවීම, බොහෝ සිංහල බෞද්ධ රජවරු සිය අභිෂේක මංගල්‍ය සිදු කිරීම ආදී කරුණු ද සිදුවූයේ අද වැනි වෙසක් පුන් පොහොය දිනවලදී ය.

මෙවර වෙසක් උත්සවය නාගදීප රජමහා විහාරය කේන්ද්‍රකොටගෙන පැවැත්වීමට නියමිතව තිබුණි.

මතුවූ කොවිඩ් වසංගත තත්ත්වයත් සමග නිවසේ සිට බොදු ජනතාව එය සැමරීමට සිදුවූ නිසා ඒ සදහා වෙන් කර තිබූ රුපියල් මිලියන 100කට අධික එම මුදල සමාජ සත්කාර සහ සංවර්ධනයට යෙදීමට පියවර ගෙන ඇත.

උතුරු පළාතේ සියලුම විහාරස්ථාන සංවර්ධනය වෙනුවෙන් ඉන් මිලියන 38ක් වෙන් කර තිබේ.

අදට යෙදී ඇති වෙසක් පෝය දිනය වෙනුවෙන් බන්ධනාගාර සිරකරුවන් 240 දෙනෙකු නිදහස් කිරීමට තීරණය කර තිබේ.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක පාලන කොමසාරිස් චන්දන ඒකනායක මහතා පැවසුවේ, දිවයිනේ සියලු බන්ධනාගාර වලින් හඳුනාගත් සිරකරුවන් පිරිසක් එලෙස නිදහස් කරන බවය.

ඒ අනුව සුළු වැරදි සම්බන්ධයෙන් බන්ධනාගාරගත වූවන් අද(26) නිදහස් වන බව ඔහු ප්‍රකාශ කළේ ය.

මේ අතර වෙසක් පුන් පොහොය දිනය යෙදී ඇති අද දින මෙරට ජනතාවට ඡායා චන්ද්‍රග්‍රහණයක් දැකගැනීමට හැකි බව ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානය පවසයි.

මෙම චන්ද්‍රග්‍රහණයේ පුර්ණ කොටස සහ අර්ධ කොටස මෙරටට දිස්නොවන අතර වන්ද්‍රග්‍රහණයේ අවසන් මිනිත්තු කිහිපය ඡායාවක ස්වරූපයෙන් දැක බලාගැනීමට හැකියාව පවතින බව එම මධ්‍යස්ථානය සඳහන් කළේය.

මෙරට වේලාවෙන් පස්වරු 7.19 පමණ මෙම ඡයා චන්ද්‍රග්‍රහණය දැකගත හැකි වේ.

මෙම චන්ද්‍රග්‍රහණය පුර්ණ චන්ද්‍රග්‍රහණයක් ලෙස ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, උතුරු අමෙරිකාව යන රටවලට දිස්වන බව ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානය පැවසීය.

මේ අතර ඉතිහාසයේ ප්‍රථමවරට රූපවාහිනී තිරයක් ඔස්සේ ප්‍රදර්ශනය වන වෙසක් තොරණ, චරණ TV නාලිකාව ඔස්සේ අද (26) සහ හෙට දින රත්‍රී 7.00 සිට ප්‍රදර්ශනය කෙරේ. පන්සිය පනස් ජාතක පොතෙහි දැක්වෙන “දද්දර ජාතකය“ තේමාකොට ගනිමින් රචිත මෙම වෙසක් තොරණ, රූප රාමු 09කින් සමන්විත ය. සුපුරුදු වෙසක් තොරණ ආකෘතියෙන්ම නිර්මාණය කර ඇති මෙම තොරණේ කතා වස්තුව විරිඳු සහ දෙබස් කථනය ඔස්සේ සවිස්තරාත්මකව සහ විචිත්‍රවත්ව ඉදිරිපත් කරනු ලබයි.

කොවිඩ්- 19 වසංගතය හේතුවෙන් බෞද්ධ ජනතාවට වෙසක් සැමරීම සීමාවී ඇති බැවින්, වෙසක් තොරණ නැරඹීමෙන් ලබන්නාවූ බුද්ධාලම්භන ප්‍රීතිය, චරණ TV වෙසක් තොරණ නැරඹීමෙන් නිවසේ සිටම එලෙසින්ම ලැබෙනු ඇත.

PEOTV නාලිකා අංක 05, PEOTVGO සහ චරණ TV Facebook පිටුව ඔස්සේ චරණ TV ඉදිරිපත් කරන දද්දර ජාතක කතාවස්තුව රැගත් තොරණ
වෙසක් පුන් පොහෝදා රාත්‍රී 7.00 සිට සජීවීව නැරඹිය හැක.

මෙවර නිවසේ සිට සමරන වෙසක් උත්සවය වෙනුවෙන් වෙසක් සැරසිලි නව්‍ය හා දේශීය මුහුණුවරකට හඳුන්වාදෙමින් බතික් වෙසක් කූඩුවක් නිර්මාණය කිරීමට අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟලුම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගේ සංකල්පයකට අනුව  ජාතික මෝස්තර මධ්‍යස්ථානය නිමවා ඇති පළමු “බතික් වෙසක් කූඩුව” අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට පිළිගැන්වීම පසු ගිය (21) දින අරලියගහ මන්දිරයේ දී සිදුවිය.

දේශීය ඇගලුම් අමුද්‍රව්‍ය හා බතික් රෙදි උපයෝගී කරගනිමින් නිර්මාණය වූ පළමු වෙසක් කුඩුව එයයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්