නවතම පුවත්

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගිනි නිවන්න ඉන්දියාවෙන් සහය !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

කොළඹට නුදුරින් ඈත මුහුදේ ගින් ගන්නා එම්.වී. එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්න මැඩ පැවැත්වීම සඳහා සහය ලබාදීමට ඉන්දීය වෙරළාරක්ෂක බළකායද ඉදිරිපත්වී ඇත .

මෙරට නාවික හමුදාව විසින් කල ඉල්ලීමකට කඩිනමින් ප්‍රතිචාර දක්වමින් ඉන්දීය වෙරළාරක්ෂක බලකාය මෙලෙස මෙම මෙහෙයුමට එක්ව ඇති අතර ඒ අනුව එම බලකායට අයත්  වෛභව් නෞකාව , වජ්ර හා සමුද්‍ර යන යාත්‍රා  සහ අයි.සී.ජී. ඩෝනියර් ගුවන් යානයද ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහයට එවා ඇත .

ඊට අමතරව  වෝටර් ලිලී බෝට්ටුද මෙම ගිනි නිවීමේ මෙහෙයුමට  පිටත් කර එවා ඇතැයි ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයසඳහන් කර සිටී .

ගිනි නිවීමේ කටයුතුවලට මෙන්ම සමුද්‍ර දූෂණය වැලැක්වීම සඳහාද  මෙහිදී ශ්‍රී ලංකා නාවික හමුදාවට සහය ලබාදීමට ඉන්දීය බලකා ඉදිර්පත්වී සිටින බවද මෙරට ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය  නිකුත් කල නිවේදනයක දැක්වේ .

ශ්‍රී ලංකාව මුහුණ දෙන මෙවැනි  අර්බුදවලදී  කාටත් පළමුව සහය ලබාදීමට පැමිණෙන්නා  හා  ප්‍රතිචාර දක්වන්නා  වීමේ සම්ප්‍රදායක්  ඉන්දියාවට ඇති බවත් පසුගිය ,2020 සැප්තැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරලෙදී  ගිනිගත්  එම්ටී නිව් ඩයමන්ඩ් නෞකාවේ ගින්නක් ඇතිවූ අවස්ථාවේද  ඉන්දියාවේ ආධාරයෙන් විශාල තෙල් කාන්දුවක් වළක්වා ගත හැකිවූ බවද මහ එම නිවේදනයේ දැක්වේ .

ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය නිකුත්කළ නිවේදනය පහත දැක්වේ

 

MV X Press Pearl: Relief operations by India
India promptly responded to an emergency request by Sri Lanka Navy and deployed multiple assets to douse the fire on MV X Press Pearl off Colombo on 25 May 2021. This includes Vessels Vaibhav, Vajra and Samudra Prehari by Indian Coast Guard and Tug Water Lilly by Director General, Shipping in addition to Dornier aircraft for aerial reconnaissance.

Assistance of Government of India for firefighting as well as pollution control was sought by Sri Lanka Navy at 1200 hrs on 25 May 2021. This came in the wake of an onboard explosion on 25 May 2021 on the Singapore-flagged MV X Press Pearl. Immediately upon receiving the request, relevant authorities in India were alerted and assets were deployed expeditiously. While the Dornier aircraft reached Colombo at around 1600 hrs on 25 May 2021, the first Vessel would reach around 1900 hrs.

India has the tradition of being the first responder during crises in Sri Lanka. It may be recalled that a potentially huge oil spill was averted with assistance from India after MT New Diamond with 200,000 metric tons crude oil on board caught fire off Sri Lanka’s Eastern Coast in September 2020. Three Indian Naval Ships rushed with assistance following the floods in Sri Lanka in May 2017.)

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්