ඉන්දියාවේ කොරෝනා ව්‍යාප්තිය සම්භන්ධව පලවන ඇතැම් ට්විටර් පණිවුඩ ගලවා දැමීමට ඉන්දීය රජය මේ වනවිට පියවර ගෙන ඇත .
සමාජ මාධ්‍ය හරහා ව්‍යාජ පුවත් සංසරණය වීම වැළක්වීමේ පියවරක් ලෙස මෙසේ ට්විටර් පණිවුඩ පාලනයක් සිදුකරන බව ඉන්දීය රජය මේ වනවිට සඳහන් කර ඇත
2000 වසරේ සිට බලාත්මක කර තිබෙන තාක්ෂණික පනත (Technology Act 2000) හරහා මෙම ට්විටර් පාලනය සිදුකරන අතර මේ සඳහා ට්විටර් සමාගම සම්බන්ධ කරගෙන ඇති බවද වාර්තාවේ .
කෙසේ වෙතත් මෙම පාලනය හරහා භාෂණයේ නිදහස සීමා වනබවත් , ඉන්දියාවේ කොරෝනා ව්‍යාප්තියේ සත්‍ය තත්වය වසන් කිරීම සඳහා රජය මෙම පියවර ගෙන ඇති බවත් එරට අතම මාධ්‍ය හා සිවිල් සංවිධාන චෝදනා කර ඇත .