නවතම පුවත්

සයිබර් අපරාධ අඩුවෙලා

අසංක

අසංක

සමාජ මාධ්‍ය ඔස්සේ සිදුවන අපරාධ වාර්තාවීම් මේ වන විට අඩුවීමේ ප්‍රවණතාවක් ඇති බව පෙනී යයි.

2022 වසරේ සමාජ මාධ්‍ය ජාල ඹස්සේ සිදුවූ අපරාධ සම්බන්ධයෙන් පැමිණිලි පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාශයට ලැබී ඇත්තේ 3024ක් පමණි.

නමුත් 2021 වසරේ මෙම ගණන සටහන් වී තිබුණේ 4687ක් ලෙසිණි.

මෙම වසරේ මුල් මාස දෙක තුළ ලැබී ඇති පැමිණිලි ගණන 677කි. ඒ සම්බන්ධයෙන් කළ විමර්ශනවලින් අත්අත්අඩංගුවට ගෙන ඇති ගණන 27 කි.

2022 වසරේ ලද පැමිණිලි සම්බන්ධයෙන් කළ විමර්ශන වලින් අත්අඩංගුවට ගෙන ඇති ගණන 263 දෙනෙකි. ඒ අතර විදේශිකයන් 25 දෙනෙක්ද සිටිති. එම විදේශිකයන්ගෙන් 14 දෙනෙක් නයිජීරියානුවන්ය.

සංචාරක වීසා මගින් මෙරට රැදී සිටින නයිජීරියානුවන් අන්තර්ජාල ඔස්සේ කෙරන වංචා ඉහළ ගොස් ඇති බව පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාශයේ නිලධාරීන්ට පෙනී ගොස් ඇත.

සමාජ මාධ්‍ය ඔස්සේ සිදුකරන අපරාධ වර්ග කෙරෙන්නේ අන්තර්ජාලය හරහා සිදුවන වංචා, සමාජ මාධ්‍ය වෙත අනවසරයෙන් ප්‍රවිෂ්ඨ වීම්, ලිංගික හිරිහැර කිරීම්, නිරුවත් ඡායාරූප පළකිරීම්, අපහාස කිරීම්, ජාතික ආරක්ෂාව සහ වෙනත් වශයෙනි.

2021 වසරේ වැඩියෙන්ම පැමිණිලි ලැබී ඇතතේ අපහාස කිරීම් සම්බන්ධයෙනි. එම ගණන 1256කි.

ඒ හැරුණු කොට ලිංගික හිරිහැර කිරීම් සම්බන්ධයෙන් පැමිණිලි 225ක්, නිරුවත් ඡායාරූප පළකිරීම් 291ක්ද පරිගණක අපරාධ කොට්ඨාශයට වාර්තා වී තිබේ.

අන්තර් ජාලය හරහා සිදුවන වංචා කිරීම් ගැන එම වර්සයේ වාර්තා වී ඇත්තේ පැමිණිලි 526ක් පමණි.

එහෙත් 2022 වසරේ වැඩිම පැමිණිලි ගණනක් ලැබී ඇත්තේ අන්තර් ජාලය හරහා සිදුවන වංචා සම්බන්ධයෛනි. එම ගණන 598කි.

ලිංගික හිරිහැර කිරීම් සම්බන්ධයෙන් 2022 වසරේ ලැබී ඇත්තේ පැමිණිලි 200ක් පමණක් වන අතර නිරුවත් ඡායාරූප පළකිරීම් සම්බන්ධයෙන් පැමිණීලි ඇත්තේ 572කි.

එය පෙර වර්ෂවලට වඩා වැඩිවීමක් පෙන්නුම් කෙරන බව සංඛ්‍යා දත්ත විශ්ලේෂණයේදී පෙනී යයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්