නවතම පුවත්

හිමිනමක් සමඟ නිධන් හාරන්න ගිය හමුදාවේ ලොක්කන්ට වෙච්ච දෙයක්

අසංක

අසංක

අධි තාක්ෂණික උපකරණ යොදාගනිමින් පුරාවිද්‍යා වස්තු සොයමින් සිටි යුධ හමුදා කෝප්‍රල් වරයකු සහ ඊට අනුබල දුන් යුධ හමුදා ලුතිනල් කර්නල්වරයකු, යුධ හමුදා සැරයන්වරයකු සහ හිමිනමක් විශේෂ කාර්ය බලකාය නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

විශේෂ කාර්ය බලකාය වව්නතිව් කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි හා සහකාර පොලිස් අධිකාරී නලීන් පෙරේරා මහතාගේ අධීක්ෂණය සහ මගපෙන්වීම මත කඳවුර අණදෙන නිලධාරී පොලිස් පරික්ෂක‍ එම්.එස්. ඊබ්‍රහිමි ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ දින කරදියනාරු පොලිස් වසමේ මාවඩිඕඩ ප්‍රදේශයේ දී කළ වැටලීමකදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.

එහි දී අනවසරයෙන් පුරාවිද්‍යා භූමියකට ඇතුල්වී පුරාවිද්‍යා වස්තු සෙවීමේ පරමාර්ථයෙන් අධි තාක්ෂණික උපකරණ වලින් භූමිය පරීක්ෂා කරමින් සිටියුධ හමුදා කෝප්‍රල් වරයකු සහ ඊට අනුබල දුන් යුධ හමුදා ලුතිනන් කර්නල් වරයකු සහ යුධ හමුදා සැරයන් වරයකු සහ හිමිනමක් අත්අඩංගුවට ගෙන සැකකරුවන් සහ භාණ්ඩ වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කරදියනාරු පොලිස් ස්ථානය වෙත භාර දුන් බව විශේෂ කාර්ය බලකා මාධ්‍ය අංශය සඳහන් කළේය.

අත්අඩංගුවට ගත් භාණ්ඩ අතර අති නවීන ඩීප් සීකර් වර්ගයේ ස්කෑනර් යන්ත්‍රයක් ද (GDS 1574), Casper වර්ගයේ Tab යන්ත්‍ර 01 ක්ද, යුධහමුදාවට අයත් කැබ් රථයක්ද (යු.හ. 50929) ජංගම දුරකථන 04 ක්ද වෙි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්