“සරලව වෙසක් සැමරියයුතු ආකාරය කොරෝනාව බෞද්ධයන්ට ඉගැන්නුවා”

Picture of ධර්ම ශ්‍රී තිලකවර්ධන

ධර්ම ශ්‍රී තිලකවර්ධන

ආටෝප සැණකෙළි ඉදිරියටත් එපායැයි අස්ගිරි අනුනාහිමියෝ කියති

කොරෝනා නිසා ඇතිවු තත්වය හමුවේ මෙවර වෙසක් පුණ්‍යොත්සවය සරලව හා අර්ථාන්ව්ත සැමරිමට අවකාශ ලැබි ඇතැයි අස්ගිරි පාර්ශවයේ අනුනායක වේඬරුවෙි ශ්‍රි උපාලි හිමියෝ පැවසුහ.

මෙතෙක් කල් වෙසක් සැමරුවේ සැණකෙළියක් ලෙසින් බවත් එය බුදුදහමට පටහැනි බවත් අනුනාහිමියෝ පෙන්වා දෙති.

බුදුරජාණන් වහන්සේගේ තෙමඟුල සිහිකිරිමේ අර්ථය ගැඹුරින් අධ්‍යයනය නොකර මේ දක්වා වෙසක් සැමරුවේ ආටෝපයට බවත්, වෙසක් සැමරිය යුත්තේ සරලව හා බුදුදහමට අනුකුලව බව කොරෝනා විසින් පාඩමක් උගන්වා ඇතැයිද අනුනාහිමියෝ කියති.

සිදුහත් කුමාරයාගේ උපතේදි සදහන් කළේ මේ මාගේ අවසන් ඉපදිම බවයි.එය උදාන වාක්‍යයක්.සසරේ නැවත්ම ගැනයි ඉන් කියැවෙන්නේ.ඒත් බෞද්ධයෝ එය සමරන්නේ සසරේ පැවැත්මට උපකාරිවන ප්‍රිති උත්සව පවත්වමින් මිස සසරේ නැවත්ම ගැන සිතාගෙන නොවේ.බෞද්ධයා සිතිය යුත්තේ සසරේ පැවැත්ම ගැන නොව නැවැත්ම ගැනයි.මිනිසා දන්පින්කරන්නේ දිව්‍ය ලෝකවල ඇවිදලා එන්න බලාගෙනයි.එසේම බුද්ධත්වය ලැබුදා දේශනා කළේ තන්හාව දුරුකළ බවයි.සත්‍යාවබෝධය ගැනයි.නමුත් බෞද්ධයන් ඒ ගැඹුරු අර්ථය නොගෙන ඒ දිනයත් සැනකෙළියක් කරගත්තා.අරටුව නොව ගසේ පොත්ත හා මල් සිතමින් බෞද්ධයන් සතුටු වෙනවා.එසේම බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑම සිහිකිරිම ජිවිතයේ අනිත්‍ය රජකරවු දවසක් ලෙස සැලකිය හැකියි.එයත් බෞද්ධයන් තේරුම්ගත්තෙ නැහැ.එදාට තොරණ ගහලා ඔළු බක්කෝ නටලා විදුලි ආලෝක පුජා කරලා ප්‍රිති වෙනවා.
වෙසක් දවසෙ මිනිසාගේ හිත දමනය වෙන වැඩකරන්න ඔිනේ.නිරාමිස ප්‍රිතිය ලැබෙන්නේ එතකොටයි.නමුත් මේ දක්වාම කෙරුණේ වෙසක් දවසේ මහ කලබලයක්.මිනිසාගේ හිතට කිසිම සැනසිමක් නැහැ.වෙනදාට තිබෙන සැනසිමවත් වෙසක් දවසේ නැහැ.සමාජයම කලබලයි. කොරෝනා භයංකර වුණත් සමාජයට බොහෝ පාඩම් කියා දුන්නා.පරිසර ආරක්ෂාකර ගැනිමේ පාඩම,හොඳ සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරිම, කතාබහ කිරිමේදි ඇතිවන දුරස්ථභාවය , ඒ වගේම තමන්ගේ ගෙවත්තේ හැකි ආකාරයට එළවළු ආදිය වගාකිරිම, සරල කෑම බීම ගැනිම, අනවශ්‍ය ගමන් බිමන් වලින් තොරවිම, අවේලාවේ විදි සංචාරය නොකිරිම, මත්පැන් පානයෙන් දුරුවිම, සතුන් මැරිමෙන් වැලකිම, මගුල් ගෙවල් වගේ අවමංගල උත්සව නොපැවැත්විම, මහළු වෙනතුරු ගෙවිමට ණය අරන් මගුල් නොකෑම ආදි කාරණා රැසක් සිදුකිරිමට මේ ටිකේ ජනතාව හුරුවුණා.ඒ හොඳ පුරුදු ටික ඉදිරියටත් අනුගමනය කිරිම ඉතාම වටිනවා.

වෙසක් පෝයට සැණකෙළි නතර කර අර්ථාන්විත වෙසක් සමරන ලෙස ද කොරෝනා විසි්න් පාඩමක් උගන්වා තිබෙනවා.දැන් බෞද්ධයන්ට අවශ්‍ය තරම් විවේකය තිබෙනවා.දරුවන් සමග එක්වි වෙසක් කුඩුවක් හදාගන්න පුළුවන්.නමුත් මිට පෙර කළේ කඩෙන් චීන වෙසක් කුඩුවක් ගෙනත් එල්ලිමයි.අටපට්ටම් කුඩුවෙන් උගන්වන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි.එහි කොටු හතරෙන් කියන්නේ චතුරාර්ය සත්‍යයි.

මේ නිසා මෙවර වෙසක් පෝය අර්ථාන්විතව සැමරිමට කවුරුත් සිතාගත යුතුයි.ඒ සරල ක්‍රමය ඉදිරියටත් අනුගමනය කරන්නේනම් ඉතාම වටිනවා යැයිද වේඬරුවෙි ශ්‍රි උපාලි අනුනාහිමියෝ වැඩිදුරටත් පැවසුහ.