නවතම පුවත්

සරසවිවලට සිසුන් ඇතුළත් කරගැනීම 25%කින් ඉහළට

අසංක

අසංක

මෙරට විශ්වවිද්‍යාල සඳහා බඳවා ගන්නා සිසුන් ප්‍රමාණය 25% කින් වැඩි කිරීමට රජය තීරණය කර ඇත.

ඒ අනුව මෙවර සිසුන් කණ්ඩායම් දෙකක් එකවර බඳවා ගැනීමට ඇති හැකියාව සම්බන්ධයෙන් ද සොයා බලමින් සිටින බව උසස් අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මාධ්‍ය වෙත පැවසීය.

විශ්වවිද්‍යාල පාලනාධිකාරිය සමග මේ දිනවල මේ පිළිබඳව සාකච්ඡා පවත්වමින් සිටින බවත්, ඒ සඳහා කඩිනමින් වැඩපිළිවෙළක් සකස් කිරීමට බලාපොරොත්තු වන බවත් බන්දුල ගුණවර්ධන මහතා මෙහිදී පැවසීය.

පසුගිය 2018 වසරේ උසස් පෙළ විභාගයට මුහුණ දුන් සිසුන් ද තවමත් විශ්වවිද්‍යාල සඳහා ඇතුළත්ව නොමැති අතර ඒ අනුව උසස් පෙළ සමත් වූවන් කණ්ඩායම් දෙකක් මේ වනවිට විශ්වවිද්‍යාල ප්‍රවේශය බලාපොරොත්තුවෙන් සිටීන බවද අමාත්‍යවරයා පැවසීය.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි