උමංග බණ්ඩාර
අද සහ ඉදිරි දිනවලදී බස්නාහිර,සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල,මාතර, සහ කුරුණෑගල දිස්ත්‍රික්ක වලත් සවස 2න් පසු ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රභල අකුණු සහ ගිගුරුම් ඇති විමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු හඟවයි.
මෙම ප්‍රදේශවල මී.මී 100 ට වැඩි තද වැසි ඇති විමේ හැකියාවක් පවතින අතර පැයට කිලෝ මීටර. 70-80 ක පමණ වේගවත් කෙටිකාලීන තද සුළංද ඇති විය හැකිය.
අකුණු මඟින් සිදු විය හැකි අනතුරු අවම කර ගැනිම සඳහා ආරක්ෂිත පියවර අනුගමනය කරන ලෙස ජනතාවගෙන් ඉල්ලයි.
මේ අතර පවතින උණුසුම් තත්වය ඉදිරියේදී අඩුවිය හැකි බවත් සදහන් කර සිටි.