මුලතිව් ගුවන් හමුදා කඳවුරේ නිරෝධායන මධ්‍යස්ථානයේ රඳවා සිටින ගුරු සංගම් හා සමාජ ක්‍රියාකාරකයන් 16 දෙනාටම කෝවිඩ් වයිරසය ආසාදනය වී නැතැයි සෞඛ්‍ය අංශ සඳහන් කර සිටී .
ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමයේ කැඳවුම්කරු තැන්නේ ඤණානන්ද හිමි සහ ජාතික භික්ෂු පෙරමුණේ කොස්වත්තේ මහානාම හිමියන් ඇතුළු සියලු පිරිස පී.සී.ආර්. පරික්ෂණවලට ලක්කර තිබූ අතර ඔවුන් පී.සී.ආර්. වාර්තා නිකුත්කර තිබේ.
ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා මාධ්‍ය වෙත පවසා ඇත්තේ ගුවන් හමුදාවේ නිලධාරියකු පැමිණ තමන්ගේ පී.සී.ආර්. වාර්තා ලබාදුන් බවය,