නවතම පුවත්

සැප්තැම්බරයේ රටම අරින්න සූදානමක්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පැතුම් වික්‍රමරත්න

විශාල වශයෙන් වෙනසක් ඇති නොවුණහොත් සැප්තැම්බර් මාසය වනවිට රට සම්පූර්ණයෙන් විවෘත කිරීමට බලාපොරොත්තුවන බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කරසිටී .

එන්නත්කරණය මේ වනවිට ඉතා සාර්ථකව රට තුල ක්‍රියාත්මකව ඇති බැවින් මේ පිළිබඳව සියලු දෙනාටම බලාපොරොත්තුවක් තබා ගත හැකි බවද ඒ මහතා මාධ්‍ය වෙත සඳහන් කළේය .

මෙරට  සියලුම දිස්ත්‍රික්කවල සෑම පුද්ගලයෙකුටම සැප්තැම්බර් වනවිට එක් එන්නත් මාත්‍රාවක් හෝ ලබාදී  අවසන්කිරීමට  සැලසුමක් ඇති බවද හමුදාපතිවරයා පැවසීය .

එන්නත්කරණය අක්‍රමවත් ලෙස සිදුවන බවට විවිධ පිරිස් නගන චෝදනා සම්පූර්ණයෙන්ම පදනම් විරහිත බව හමුදාපතිවරයා පැවසීය .

නිශ්ච්ත සැලැස්මකට අනුව රට තුල කොවිඩ් වසංගතයට එරෙහි එන්නත්කරන වැඩසටහන ක්‍රියාත්මක කර ඇති බවද හමුදාපතිවරයා පැවසීය .

ඇස්ට්‍රාසෙනිකා එන්නත් මාත්‍රා  ලක්ෂ දාහතක්  ලබන 22 වැනිදා  මෙරටට ලැබෙන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික  ක්‍රියාත්මක මධ්‍යස්ථානයේ ප්‍රධානී  යුද  හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවැසීය.

මෙරට පනස්  හත් ලක්ෂයකට කොරෝනා මර්දන එන්නත  මේවනවිට ලබාදී ඇතැයිද මේමාසයේ අවසන්වීමට පෙර  බස්නාහිර පළාතේ අවුරුදු 30ට වැඩි සියලු දෙනාට එන්නත ලබාදී අවසන් කිරීමට බලාපොරොත්තු වන්නේ යැයිද ඔහු සඳහන් කළේය.

මේ වනවිට මෙරටට කොවිඩ් එන්නත් අසූ පන් ලක්ෂය ඉක්මවූ ප්‍රමාණයක් ලැබී ඇති බවත් , එයින් ලක්ෂ පනහකට  ආසන්න  ප්‍රමාණයක් ජනතාවට ලබාදී ඇති බවත් හමුදාපතිවරයා පැවසීය .

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්