ස්පුට්නික් දෙවන මාත්‍රාවේ ප්‍රමාදයක්

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පැතුම් වික්‍රමරත්න

ස්පුට්නික් කොරෝනා මර්දන එන්නතේ දෙවන මාත්‍රාව ලබාදීමේදී යම් ප්‍රමාදයන් ඇති විය හැකි බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා ප්‍රකාශ කර සිටී

ඔහු මාධ්‍ය වෙත කියා සිටියේ ඇනවුම් කළ එම එන්නත් මාත්‍රා ලැබීමේ ප්‍රමාදයක් හේතුවෙන් එවැනි ප්‍රායෝගික ගැටලු ඉදිරියේදී මතුවිය හැකි බවය.

මේවනවිට ස්පුට්නික් එන්නතේ පළමු මාත්‍රාව මෙරට පුද්ගලයින් එක් ලක්ෂ 59, 088 දෙනෙකුට ලබා දී තිබෙන අතර ඉන් පුද්ගලයින් 14,573 දෙනෙකු සඳහා එහි දෙවන මාත්‍රාව ලබා දී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය

ප්‍රායෝගික ගැටලු මතු වුවද ස්පුට්නික් එන්නතේ දෙවන මාත්‍රාව ලබා දීමට අවශ්‍ය පියවර කඩිනමින් ගන්නා බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන වැඩිදුරටත් සඳහන් කළේය