ස්විස් තානාපති කාර්‍යාල නිලධාරිනියට ජොබ් එකත් අහිමි වෙයි – ස්විස් රජයෙන් උපදෙස්

Picture of අසංක

අසංක

පැහැරගැනීමට ලක්වූ බව කියන ස්විස් තානාපති කාර්යාල නිලධාරිනියව තාවකාලිකව සේවයෙන් ඉවත්කිරීමට එම තානාපති කාර්යාලය කටයුතු යොදමින් ඇති බව වාර්තාවේ.

දැනටමත් ස්විස් තානාපති කාර්යාලය ඒ බව අදාළ කාන්තාවට දන්වා ඇති බවද වාර්තාවේ.

ස්විස් රජයේ උපදෙස් මත මෙරට ස්විස් තානාපති කාර්යාලය මෙම පියවර ගෙන ඇති බවටද තොරතුරු වාර්තාවේ.

මේ අතර මෙම සිද්ධිය සම්භන්ධව මතුවී ඇති නවතම තත්වයන් පිළිබඳව කඩිනමින් ස්විස් රජයට දැනුම් දීමට විදේශ අමාත්යංශය කටයුතු යොදා ඇත.

ඒ අනුව මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරිම සඳහා ස්විට්සර්ලන්ත තානාපතිවරයා කිහිප වරක්ම විදේශ කටයුතු අමාත්‍යාංශයට කැඳවූ බවද දැනගන්නට ඇත.