නවතම පුවත්

සාකච්ජා ඉදිරියට යාමට දේශපාලන ස්ථාවරත්වය අත්‍යාවශ්‍යයි – IMF

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ශ්‍රී ලංකාව සමඟ සාකච්ඡා ඉදිරියට පවත්වාගෙන යාම සඳහා ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන දේශපාලන අස්ථාවරත්වයට ඉක්මණින් විසඳුමක් බලාපොරොත්තු වන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.

එතෙක් මුදල් අමාත්‍යාංශයේ සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන් සමඟ තාක්ෂණික සාකච්ඡා දිගටම කරගෙන යාමට බලාපොරොත්තු වන බව එම නිවේදනයේ දැක්වේ.

එසේම ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය සමීපව නිරීක්ෂණය කරමින් සිටින බවද එම නිවේදනයේ සඳහන් වේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ මෙහෙයුම් ප්‍රධානී පීටර් බෘවර් සහ මෙහෙයුම් ප්‍රධානී මසහිරෝ නොසාකි මහත්වරුන් එම නිවේදනය නිකුත් කර ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, අග්‍රාමාත්‍යවරයා මෙන්ම මුදල් අමාත්‍යවරයාද වන රනිල් වික්‍රමසිංහ මහතා සමඟ ප්‍රතිපත්තිමය මට්ටමේ සාකච්ඡා වටයක් පසුගිය දා අවසන් කළ බවත් එහිදී විසඳීමට මූල්‍ය ගැටළු කිහිපයක් තිබෙන බව හඳුනාගත් බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන ආර්ථික අර්බුදය හේතුවෙන් ශ්‍රී ලාංකික ජනතාවට විශේෂයෙන්ම අවදානමට ලක් වූ සහ දුප්පත් ජනතාවට එල්ල වන බලපෑම සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් සිටින බවත් තම ප්‍රතිපත්තිවලට අනුකූලව මෙම දුෂ්කර අවස්ථාවේ ශ්‍රී ලංකාවට සහාය දැක්වීමට ඇති කැපවීම යළි අවධාරණය කරන බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කළේය.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා